අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“හැමදේම රිවර්ස් කරන රටේ VIPලා යද්දී පාර වැහිල්ලත් රිවස් කරන්න” – මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

by Lanka Sara Editor
දෙසැම්බර් 5, 2021
in පුවත්
eran wickramarathne
Share on FacebookShare on Twitter

වාහන තදබදය නිසා ලංකාවට වාර්ෂිකව සිදුවන ආර්ථික අලාභය රුපියල් බිලියන 500ක් පමණ වන බව සමගි ජන බලවේගගේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු ආණ්ඩුවෙන් විමසා සිටින්නේ රටේ බදු ආදායමෙන් 80%ක් ගෙවන්නේ සාමාන්‍ය පොදු ජනතාව බැවින් ඔවුන්ට යහපත් පොදු ප්‍රවාහන සේවයක් උරුම කරන්නට රජය පසුබට වන්නේ ඇයි ද යන්නයි.

එමෙන්ම ඇමතිවරුන්, පොලිස් හමුදා ප්‍රධානින් යන වෙලාවට පාරවල් වැසීම දැන් ලොකුකම ප්‍රදර්ශනය කරන වැඩක් වී ඇති බවත් ඒ විගඩම් නවතා ජනතාවට සුව පහසු දියුණු ප්‍රවාහන සේවයක් ඇති කිරීමට පාර්ලිමේන්තුව තීන්දුවක් ගත යුතු බවත් ඔහු කියාසිටී.

“සේරම රිවර්ස් කරන මේ ආණ්ඩුව ඔය පාරවල් වැහීමත් රිවර්ස් කරන්න කියලා මම ඉල්ලනවා.” යැයි ද මන්ත්‍රීවරයා කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රවාහන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයේදී මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අදහස් දැක්වීම මෙසේ ය.

“ප්‍රවාහන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධ මේ විවාදයේදී මම කැමතියි, අවධානය යොමුකරන්න පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත. ලංකාවේ විතරක් නෙවෙයි, වාහන තදබදය, කාලයක් තිස්සේ වගේම, මේ වන විටත් ලෝක ආර්ථිකයටම ඉමහත් බලපෑමක්, සිදුකරන බව කිවයුතුයි. මේ ප්‍රශ්නය විසඳන්න ගෝලීය ප්‍රජාව විවිධ උත්සාහයන් ගනිමින් සිටිනවා. ඇත්තටම මේ සඳහා යොදාගත හැකි හොඳම විකල්පය තමයි, පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම.

අපේ රට ගත්තොත් දිනකට මිලියන 10ක් වගේ ප්‍රමාණයක් පොදු ප්‍රවාහනයේ යෙදෙනවා. කොළඹ නගරයට පමණක් මිලියන 1.9ක් ඇතුල් වෙනවා. ඒ අර්ථයෙන් මේ බස්නාහිර පළාත කියන්නේ, ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක අවශ්‍යතාව තදින් දැනෙන කලාපයක්. ලංකාවේ පොදු ප්‍රවාහනය තවදුරටත් හඳුනා ගතහොත්, ජනතාවගෙන් ලක්ෂ 5ක් පමණ දුම්රිය භාවිත කරනවා. CTB ලක්ෂ 24යි. ලක්ෂ 70ක් පෞද්ගලික බස් රථ සේවය ලබනවා.

බස් රථ විතරක් 1,10,000 ක් තිබෙනවා. ත්‍රීරෝද රථ ලක්ෂ 11ක් තියනවා. මෙහෙම සංඛ්‍යා දත්ත රැසක් අප හමුවේ තියනවා. නමුත් අවාසනාව තමයි පොදු ප්‍රවාහනය කිව්වාම හිතට එන්නේ, කිළුටු චිත්‍රයක්. මාර්ග තදබදයට අමතරව, අපිරිසිදු – දැඩි උෂ්ණත්වයක් ඇතුලේ පීඩාවට පත්වන හැඟීමක් එන්නේ. ඒ වගේම කොන්දොස්තරගෙන් බැනුම් අහන, නියමිත වෙලාවක් නැතුව මහමග රස්තියාදු වෙන්න සිදුවෙන, ඒ වගේම අනතුරුදායක සහ අනාරක්ෂිත හැඟීමක් එන්නේ.

කවදද අපි තේරුම් ගන්නේ, ලංකාව මේ වෙනකොට ප්‍රමුඛත්වය දෙන්න ඕන, මහා මාර්ග හදහද ඉන්න නෙවෙයි, පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම බව. මම කියනදේ හරියට තේරුම් ගන්න. මම කියන්නේ, දේශපාලනඥයන් කැමති වෙන්න පුළුවන් මාර්ග හැදිල්ලට. නමුත් ප්‍රමුඛ අවශ්‍යතාව තියෙන්නේ, පොදු ප්‍රවාහනයේ.

2012 -2017 කාලය තුල පමණක් රථ වාහන ප්‍රමාණය 51% කින් වැඩිවෙලා. ඒ කියන්නේ, වාහන ලක්ෂ 5, මේ කාලය තුල 7,56,000ක් ලෙස ඉහළ ගිහින්. 51%ක වැඩිවීමක්. ඒ වගේම තමයි ත්‍රී රෝද රථ 67% කින්, මෝටර් බයිසිකල් 63% කින් වැඩි වුණා. ඔබලා දන්නවාද, ඇස්තමේන්තු කර ඇති ආකාරයට රථ වාහන තදබදය නිසා ලංකාවට ඇතිවන ආර්ථික අලාභය වාර්ෂිකව රුපියල් බිලියන 500ක් පමණ වෙනවා. නමුත් අපි මේ ආර්ථික හානිය ගැන අවශ්‍ය තරම් සංවේදී වෙලා තියනවද ? නෑ. අපි දත් විකාගෙන, බොහොම ආසාවෙන් මාර්ග හදමින් ඉන්නවා.

ඔබලාට මතක ඇති අපේ කාලයේ MCC කියලා ගිවිසුමක් ආවා. Millennium Challenge Corporation. ඩොලර් මිලියන 480ක ප්‍රදානයක්. එහි ප්‍රධාන ව්‍යාපෘතියක් තමයි, පැය 24ම ක්‍රියාත්මක වෙන රථවාහන සැලැස්මක් සකස් කිරීම. කොහෙද ඉතින්, අද පාලනයේ ඉන්න අය, රටේ ඇමරිකන් කොරිඩෝවක් ඇතිවෙලා, අටමස්ථානය වඳින්න ඇමරිකන් එම්බසියෙන් වීසා ගන්න වෙනවා කියලා, වියත්මග අරමග මේ මග කියලා සංවිධාන හදාගෙන, සීතල බොරු වැලක් ගොතලා මිනිසුන්ගේ මනස නිර්වින්දනය කරලා රැවැට්ටුවා. අවසානයේ ඒ ව්‍යාපෘතිය අත හැරියා. පාඩුව කාටද?

රථවාහන තදබදය නිසා වාර්ෂික ආර්ථික අලාභයේ ඇස්තමේන්තුව රුපියල් බිලියන 500ක් පමණ අතර, කොහොමද ඔබලා බලය ගන්න මිනිසුන් රවට්ටලා කරපු හානිය.

දැන් මොකද රටට වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, කොළඹ රථ වාහන තදබදය අවම කරමින්, පොදු ප්‍රවාහන සේවයේ විප්ලවීය පියවරක් තබමින් පසුගිය ආණ්ඩුව ආරම්භ කළා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක්. මුලික අදියර 2017 දී. ඩොලර් බිලියන 6ක වැඩක්. 2019 ජූලි මාසයේ ලෝන්ච් කළා. 2020 තමයි වැඩ පටන් ගන්න තිබුණේ. පළමු අදියරට ඩොලර් බිලියන 2.2ක්. ජයිකා තමයි ඉදිකිරීම් කටයුතු කරන්න තෝරගෙන හිටියේ. ජපන් රජයෙන් අනුමත වූ ණය ඩොලර් බිලියන 1.8ක්. අවුරුදු 40 කින් තමයි ගෙවන්න තිබුණේ. අවුරුදු 12ක් යනතුරු කිසිම ගෙවීමක් කරන්න නෑ. ආර්ථිකයට කිසිම බරක් නැති දීර්ඝ කාලීන ණයක්. ඔබේ ආණ්ඩුව මොකද කළේ , ආව ගමන්ම ඒක නැවැත්තුවා. මේ මහත්වරු කවදද ඒ වගේ යෝධ ව්‍යාපෘතියක්, රටට බරක් නොවෙන්න කරන්නේ ? බලන්න, දේශපාලන වාසි ගන්න, තමන්ගේ නම ගහගන්න නොලැබෙන නිසා රටට සිදුකරපු පාඩුව.

මේ රටේ ජනතාව ඇත්තටම පව්. ඔවුන්ට හොඳක් යහපතක් සිදුවෙන්න යන හැම අවස්ථාවේම, ඔවුන් දේශපාලන බොරු වලට, අහුවෙලා ඒ යහපත නැති කරගන්නවා. පස්සේ දුකින් තැවෙනවා. මේ ගෙවෙන්නෙත් එහෙම කාලයක්.

කොහොම හරි කමක් නෑ,පොදු ප්‍රවාහනය නැංවීම අත්‍යාවශ්‍යයි කියන කාරණය මම මේ සභාවට අවධාරණය කරනවා. ඒ සඳහා මේ පවතින පොදු ප්‍රවාහන සේවයේ ව්‍යුහාත්මක වෙනසක් සිදුකිරීම අනිවාර්යයි. මේක රජයට තනියම කරන්න බෑ. මේ ආණ්ඩුවට නම් හිතන්නවත් බෑ. ඒ නිසා මගේ යෝජනාව PPP ක්‍රමයට, පොදු ප්‍රවාහනයේ ව්‍යුහාත්මක වෙනස ඇතිකරන්න යන්න ඕන. රජයත් පෞද්ගලික අංශයත් එක්ව. තෙල් බේරෙන, ගඳ ගහන, බස් දුම්රිය වෙනුවට, බොහොම සුවපහසු, ක්‍රමවත්, දියුණු සේවයක් ජනතාවට උරුම කරන්න ඕන.

ඒ වගේම 2012 වාර්තාව අනුව මුළු ජනගහනයෙන් 8.6%ක් ආබාධිත පුද්ගලයන්. කායික ආබාධ ඇති අය ලක්ෂ 7 ඉක්මවනවා. ඒ කියන්නේ රෝද පුටු භාවිතා කරන පුද්ගලයන්. 2018 වාර්තාව අනුව 65 ට වැඩි ජනගහනය සමස්ත ජනගහනයෙන් 9.67 %ක්. 2041 වෙනකොට වියපත් ප්‍රජාව අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක් බවට පත්වෙන බවට, පුරෝකථනය කරලා තියනවා. සාමාන්‍ය දැනුමට වුණත් තේරුම් ගන්න පුළුවන්, වියපත් ප්‍රජාවට පොදු ප්‍රවාහනය වැදගත්. දැන් කියන්න අපි ඒ ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයන්න සූදානම්ද ?කොරෝනා lock down සමයේ මාර්ගගත අධ්‍යාපනය පවා ආබාධිත සිසු දරුදැරියන්ට අහිමි වුණා.

ඒ වගේම රජය කියනවා රැකියා ලබාදීමේදී 3%ක් ආබාධිත ප්‍රජාවට වෙන්කරනවා කියලා. ඔවුන් රැකියාවට එන්නෙත් පොදු ප්‍රවාහනයෙන්. 2019 දී අපි RMV සහ CTB එක හරහා, රෝදපුටුවෙන් වුවත් ගොඩවිය හැකි, LOW FLOOR බස් 2000ක් ආනයනය කරන්න සූදානම් කරලා තිබුණේ, මේ සේරම ගැන අවබෝධයෙන්. නමුත් ආණ්ඩුව කටයුතු කරන්නේ මේ ප්‍රජාව ගැන කිසිම තැකීමක් නොකර බවයි පෙන්නුම් කරන්නේ.

නමුත් රටේ සැබෑ අවශ්‍යතා නොදන්නා මේ පාලකයන් ඒ ව්‍යාපෘතියත් නවත්වලා වගෙයි. දැන් ඉතින් තවදුරටත් ජනතාවට යන්න තියෙන්නේ පරණ බස් වල. 2019 දී CTB එකට බස් 5500ක් තිබුනා. අද මම දන්න විදියට බස් 4300ක් වගේ ඇති. ඔය තියන බස් 4300න්, බස් 1500ක් විතර අවුරුදු 15ක් වගේ පරණයි. බස් 2000ක් අවුරුදු 10ක් වගේ පරණයි. හැබැයි ආණ්ඩුව මේ ගැන සංවේදී නෑ.

බලන්න මහා මාර්ග ඇතුළු මාර්ග සඳහා රුපියල් බිලියන 72 ක් වෙන් කරලා, අධිවේග මාර්ග සඳහා රුපියල් බිලියන 250 ක් වෙන් කරලා. නමුත්ප්‍ රවාහන අමාත්‍යාංශයට රුපියල් බිලියන 43යි. එයිනුත් බස්, දුම්රිය ප්‍රමුඛ පොදු ප්‍රවාහනයට කීයද ?

රටේ බදු ආදායමෙන් 80%ක් ගෙවන්නේ සාමාන්‍ය පොදු ජනතාව. ඇයි ඔවුන්ට යහපත් පොදු ප්‍රවාහන සේවයක් උරුම කරන්න පසුබට වෙන්නේ.

ඒ වගේම මට තවත් යෝජනාවක් කරන්න තියනවා, ජනාධිපති අගමැති පැත්තක තියන්න. අඩුගානේ අපිට බැරිද ඇමතිවරුන්, පොලිස් හමුදා ප්‍රධානින් යන වෙලාවට පාරවල් වහන , ජනතාව පීඩාවට පත්කරන සංස්කෘතිය නවත්වන්න. මෙච්චර දියුණු ආම්පන්න තියන ලෝකයක, මොකක්ද මේ කරන තේරුමක් නැති වැඩේ. මේක දැන් ලොකුකම ප්‍රදර්ශනය කරන වැඩක් වෙලා. මේ සභාවේ තීන්දුවක් ගමු, ඔය විගඩම් නවත්වලා, ජනතාවට හොඳ සුව පහසු දියුණු ප්‍රවාහන සේවයක් ඇති කරන්න. සේරම රිවර්ස් කරන මේ ආණ්ඩුව ඔය පාරවල් වැහීමත් රිවර්ස් කරන්න කියලා මම ඉල්ලනවා.” යැයි ද එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරු පුදබිමේ පෞරාණිකම බිම්පෙත “ ගෝපාලපබ්බතය “ යළිත් නිදන් හොරුන්ගේ ප්‍රහාරයට….

Next Post

13 ගැන මෝදි හමුවී කතා කරන්න ටී.එන්.ඒ. ඉන්දියාවට…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.