දිනසේන රතුගමගේ –
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි සමග ශ්‍රී ලංකාවේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව සාකච්ඡා කිරීම සදහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා සමග තවත් පිරිසක් ලබන සතියේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පැවසුවේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය මේ තීරණය ගත් බවයි.
මේ ඉන්දීය සංචාරයේදී දෙමළ වැසියන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳාගැනීමට නොහැකි වූ බොහෝ ප්‍රශ්න ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබදව සාකච්ඡා කරණ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.
මෙහිදී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කොට ඒ ඔස්සේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබදවද ජිනීවා මානව හිමිකම් කමිටුවේදී ගන්නා ලද තීරණ ශ්‍රී ලංකා රජය විසින් නොසලකා සිටීම පිළිබඳවද ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ඡා කොට ඒ ඔස්සේ ශ්‍රී ලංකා රජයට යම් බලපෑමක් එල්ල කිරීමට වටපිටාව සකසන බවද අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ නායකයා සමග මෙම ඉන්දීය සංචාරයට සෙල්වම් අඩෙයිකලනාදන් ධර්මලිංගම් සිද්ධාර්ථන් එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුද සහභාගී වීමට නියමිතය.