සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හලෝ පොලිසිය… එකක් කියන්න ප්ලීස්… අපි කන්ෆියුස් වෙලා!

by editor
අප්‍රේල් 1, 2024
in පුවත්
Police
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පෙරේදා (30) තිස්සමහාරාමයේ රන්මිණිතැන්න ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොලිසිය   වෙඩි තිබ්බේය. ඔහු තරුණයෙකි. තරුණයා වෙඩි කෑවේ බූරුපොලකදී  ය.  ඔහුගේ  උරහිසට වෙඩි වැදී තිබිණි.

දැන් මේ කතාව ඉදිරියට යන විදිහ පට්ටය. වෙිඩි කෑ එකාත් අවටපිටේ මිනිස්සුත් එකක් කියන්නේය. ඊයේ තිස්සමහාරාම පොලිසිය ඊයේ එකක් කීවේය. අද තවත් එකක් කියන්නේය.  අද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙනත් එකක්  පැවසුවේය.

මේ කතා තුන එකට තිබ්බාම පොඩි ශ්‍රී ලාංකික ගතියක් තිබෙන්නේය. ඒ නිසා අපට එය එකට ලියා තබන්නට හිතුනේය.

  • තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ඊයේ මාධ්‍යයට කී කතාව

පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව ඊයේ අළුයම පොලිස් නිලධාරින් තුන් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් රන්මිණිතැන්න ප්‍රදේශයේ දී සූදු පොලක් වටලන්නට යන්නේය. ඒ යනවිට පොලිසිය කඩාවදිත්ම සූදුපොළේ සිටි පුද්ගලයින් පැන දුවන්නේය. ඒ අතර පොලිස් නිලධාරියෙකුගේ අතේ තිබුණු ගිනි අවියක් ඉබේ පත්තු වෙන්නේය.

එතැන සිටි බිමත් පුද්ගලයෙකුට වෙඩි වදින්නේය. හැකි ඉක්මනින් වෙඩි වැදුන බීමත් පුද්ගලයා රෝහල්ගත කරන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යයට කී කතාව

30 දා රාත්‍රියේ 12ත් 1ත් අතර සිදුවූ සිදුවීමක්. තිස්සමහාරාමයේ පොලිස් නිලධාරින්ට ලැබුනු තොරතුරක් අනුව සූදු පොළක් වටලන්න ගිහින් තියනවා නිලධාරින් දෙදෙනෙක්…  ඒ ගිය අවස්ථාවේ දී සූදු පොලේ සිටි පිරිස් පැනලා ගිහින් තියනවා. ඒ පිරිස් අත් අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිස් සැරයන්වරයෙක් එක් පුද්ගලයෙක් සමග පොරබදලා තියනවා. ඒ පොරබැදීමේදී ඔහු අත තිබුණ ගිනි අවියක පත්තුවෙලා තියනවා. එසේ පත්තුවීමෙන් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

සිද්ධියෙන් වයස අවුරුදු 28ක පුද්ගලයෙක් තුවාල ලබලා තියනවා. ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කරලා තියනවා.

මේ සිදුවිම සම්බන්ධව තිස්සමහාරාම පොලිසිය මගින් විමර්ශන කටයුතු සිදුකරලා තියනවා.   පොලිස් නිලධාරින් තිදෙනෙක් මේ වැටලීම සදහා සම්බන්ධ වූ බවයි දැනගන්න තියෙන්නේ. “ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

  • තිස්සමහාරාම ඕ.අයි.සී. පොලිස් මුලස්ථානයට යැව්ව OTM2176/2218 පණිවිඩය

තිස්සමහාරාම  පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති  පොලිස් සැරයන් 39269 තරංග ඇතුලු නිලධාරීන් කණ්ඩායම් වැටලීම් රාජකාරියේ යෙදී සිටිය දී රන්මිණිතැන්න ප්‍රදේශයේ දී මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සන්තයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට යෑමේ දී සැකකරු විසින් බෙහෙත් කොටන තුවක්කුව නිලධාරීන් වෙත එල්ල කර ඇත.

එම අවස්ථාවේ දි පොලිස් සැරයන් 39269 තරංග නිලධාරියා සැකකරු සමග ගිනි අවිය ලබා ගැනීමට පොරබැදීමේදී  නිලධාරියා  සතුව තිබූ පැති අවිය සහ සැකකරු සතුව තිබූ මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන තුවක්කුව ක්‍රියාත්මක වී සැකකරුගේ දකුණු අතේ  උර බාහුව අසල තුවාල සිදුවී  සැකකරු ප්‍රතිකාර සඳහා හම්බන්තොට හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.  සැකකරු භාරයේ තිබූ ගිනි අවිය අත් අඩංගුවට ගෙන ඇත.

ගොවිතැන ජීවිත වෘත්තිය කරගත්  එච්.කේ. රුවන් කුමාර නැමැති 28 හැවිරිදි තරුණයෙක්  මෙසේ වෙඩි පහරින් තුවාල ලැබ රෝහල්ගත කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

  • වෙඩි වැදුන පාර්ශවයේ කතාව

මේ කතාව අද සියලුම පුවත්පත්වල පලවුනේය. වාර්තා කරන්නේ එම ප්‍රදේශවලම ජිවත් වෙමින් ඒ අතැදැකීම් විඳින ප්‍රාදේශීය මාධ්‍යවේදී සගයන්ය.

මේ තරුණයා සිය මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා රෑ 12ට පමණ අසල සූදු පොලක් වෙත ගොඩවැදී ඇත. වෙඩි තැබීම සිදුවන්නේ ඒ අවස්ථාවේ දී ය.

ඒ සිද්ධිය හොඳින්ම අත් වින්දේ වෙඩි කෑ තරුණයා ය. ඔහු කියන්නේ   රාත්‍රී 12.30ට පමණ අධික ලෙස බීමත් පොලිසියේ තුන්දෙනෙක්  වෙඩි තබාගෙන සූදුපොලට ඇතුළු වූ බවය.  වෙඩි හතරක හඬ ඔහුට ඇසී ඇත.  තරුණයා ඉලක්ක කර  වෙඩි තැබීමක් සිදුවී තිබේ.  වෙඩි වැදුණු පුද්ගලයා හැර අනිත් සියළුම දෙනා එතැනින් පැන ගොස් ඇති බව වෙඩි වැදුන පුද්ගලයා සිද්ධිය විස්තර කරමින් මාධ්‍යයට පවසා තිබිණි.

එම අවස්ථාවේ අසල්වැසියන්ද එම ස්ථානයට එක් රැස් වී .තිබේ. පොලිසිය වෙත    ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත්තේ ඉන් පසුවය.       පොලිස් නිළධාරීන් විසින්ම තුවාලකරු පොලිස් යතුරු පැදියක නන්වාගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ  මේ විරෝධය අතරය.

වාර්තාවන ආකාරයට  වෙඩි වැදුන පුද්ගලයා රෝහලට ඇතුළත් කරන්නේ වෙඩි වැදී පැය එක හමාරකින් පසුවය.  එනම්  අළුයම 02ට පමණය. රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේ ඔහුව පැයක් තිස්සේ පොලිසියේ රඳවාගෙන සිට ඇතැයි කියාය.

වෙඩි වැදුන පුද්ගලයා මුලින්ම ඇතුළත් කරන්නේ දෙබරවැව රෝහලටය.  තරමක බරපතල තත්ත්වයේ සිටි ඔහුව සැත්කමක්   හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩි වැදුණු පුද්ගලයාගේ ශරීරයේ පිටතින් වෙඩි වැදුණු තුවාල දෙකක් දක්නට ඇති බවත්, වෙඩි ප්‍රහාරය උරහිස ප්‍රදේශයට එල්ල වි ඇති බවත් හා  පොලිසියේ නිළධාරීන් තිදෙනා අධික ලෙස බිමත්ව පැමිණ හිතා මතාම මෙම වෙඩි තැබිම සිදුකල බවත් වෙඩි වැදුණු පුද්ගලයාගේ  ඥාතීහු චෝදනා කර තිබුණහ.

මේ අතර වෙඩි වැදුන තරුණයා මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් කියා තිබුණේ මෙවැන්නකි.

“ මම ටිකක් බීලා හිටියේ.  වෙඩි තියාගෙන පොලිසියෙන් පනිනකොට අනික් හැමෝම දිව්වා. මට දුවාගන්න බැරි වුනා. දුවගෙන ආපු රාලහාමි කෙනෙක් මට වෙඩි තිබ්බා. මගේ උරහිසට වෙඩි වැදුනා. කැට දෙකක් දැන් මගේ ඇඟේ තියනවා. තුවාලෙ වේදනයි කියලා බෙහෙත් දාන්න කියද්දි පොලිිසය මාව රෝහලට අරන් ගියේ පැය එක හමාරකට පස්සේ. “

  • කතාවේ නිර්මාණාත්මක වර්ධනය

තිස්සමහාරාම පොලිසිය සිද්ධිය වූ ආසන්නම අවස්ථාවේ පවසන්නේ පොලිස් නිලධාරියෙකුගෙ ගිනි අවියක්  ඉබේ පත්තුවීමක් ගැනය.  එය පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත යනවිට එය පොරබැදීමේ සිද්ධියක් තෙක් වැඩි දියුණු  වන්නේය. එහිදී පොලිස් සැරයන්වරයා පැන යන්නට උත්සාහ කරන පුද්ගලයෙක් සමග පොර බදන්නේය. එවිට සැරයන්වරයාගේ අත තිබූ ගිනි අවිය පත්තු වන්නේය.  එවිට පොරබැදු පුද්ගලයාට වෙඩි වදින්නේය.

අද උදේ වනවිට කතාව මාරය. ඇඟ හිරිවැටෙනසුළුය. තිස්සමහාරාම පොලිසිය  OTM2176/2218 අංක දරන පණිවිඩය පොලිස්පතිවරයාට යවමින් කියන්නේ බොලිවුඩ් චිත්‍රපටයක ඇති කතාවකි.  පොලිස් නිලධාරින් තිදෙනෙක් වැටලීමට යන්නේය.  බූරු පොලේ බෙහෙත් කොටන තුවක්කුවක් අතේ තියාගෙන මැරයෙක් ඉන්නේය. මැරයා පොලිස් නිලධාරීන් සිටිනා දෙසට තුවක්කුව දික් කරන්නේය.    වීරෝධාර පොලිස් නිලධාරීන් දිවි පරදුවට තබා තමන් වෙත තුවක්කුව මානාගෙන සිටින මැරයා මෙල්ල කිරීමට ඉදිරියට යන්නේය.

එතැන් සිට ධරුණු පොරයකි. වැඩේ කියන්නනේ ඒ පොරය අතර මැරයාගේ ගිනි අවියත් පොලිස් නිලලධාරියාගේ ගිනි අවියත් දෙකම එකට පත්තුවීමය.  ගිනිඅවි දෙකම පත්තු වී ඇති නිසා කාගේ ගිනි අවියෙන් වෙඩි වැදුනාදැයි කියාත් නිච්චියක් නැත.

මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සන්තයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට යෑමේ දී සැකකරු විසින් බෙහෙත් කොටන තුවක්කුව නිලධාරීන් වෙත එල්ල කර ඇත.

වෙඩි වැදුන එකා නම් කීවේ බීමත්ව සිටි තමන්ට දුවාගන්න බැරිව ඉද්දී පොලිසිය වෙඩි තිව් බවය.

අපිට නම් ඌ ඔය කියන කතා ගැන තඹයකට විශ්වාස නැත. පොලිසියේ ඕඅයිසී මහත්තයා අන්තිමට කී කතාවට අප කැමතිය. ඒ කතාවේ අමුතු තාලයේ ත්‍රාසයක් තියෙන්නේය. පොඩි කොමිට් කෑලිත් තියෙන්නේය. ඒ කතාව ත්‍රිල්ය.

අනික පොලිසියේ ඉන්නෙත් මිනිස්සුය.  මේ මහ පාන්දර තුන්දෙනෙක් එක්ව පහළොවක් විස්සක් ඉන්න බූරු පොලක් වටලන්න යනවා නම් එය පියවි සිහියකින් කරන්නත් අමාරු බව කවුරුත් පිලි ගන්නා බව කිව යුතුය. ඒ නිසා යන එන ගමන් අඩියක් දෙකක් නෙලා ගත්තත් අපේ නම් අරෝවක් නැත.

අපට තියන එකම අවුල නම් මේ අල්ලපනල්ල අස්සේ සිද්ධවෙන නොගැලපීම්ය. රට ඉස්සරහා පදුරු විදිහට කුජීත නොවී මින් පසු කරන ප්‍රකාශයක්   කතාකරගෙන කරනවානම් හොඳයැයි හිතෙන්නේ අපේ වැදගත් පොලිසිය එක එක කුපාඩින්ගේ කතා අහන්නට උවමනා නැති නිසාය.

අනික අපිව කන්ෆියුස් නොකරන වගකීම පොලිසියට ඇති නිසාය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බංගලියන් බරපතල අගාධයක… සුපිරි පන්දු යැවීම හමුවේ බංගලි කණ්ඩායම 178ට දැවී යයි… ලකුණු 353ක අන්තරයක් තිබෙද්දීත් ශ්‍රි ලංකා පිල දෙවැනි ඉනිමේ පිතිකරණයට එයි…..

Next Post

අවුරුද්දට කේක් කිලෝ එකක් රුපියල් 600ට දෙන්න පුලුවන් විදිහ බේකරි හිමියෝ ආණ්ඩුවට කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.