කීර්ති ප්‍රනාන්දු –
දේශීය බිත්තරයක් රුපියල් 35කට ලබා දී මාගරින් කිලෝවක් සඳහා පවතින රුපියල් 600ක බද්ද ඉවත් කළොත් කේක් කිලෝවක් රුපියල් 600කට ලබා දෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ .ජයවර්ධන පවසයි .
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරන අන්දමට දේශීය බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100 කින් අඩුකරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය .
දැනට මාගරින් යොදා ගුණාත්මක උසස් තත්වයේන් නිපදවන කේක් කිලෝවක් රුපියල් 1000 ක පමණවන මිලකට අලෙවි කරන බවද ඔහු සඳහන් කරයි .
මේ වන විට කේක් මිල අධික නිසා ජනතාව කේක් පරිභෝජනය අඩුකර ඇති බවත් ඒ අනුව කේක් අලවිය සියයට 25 කින් පමණ පහත බැස ඇතැයි පවසන ඔහු කේක් නිෂ්පාදනය ද සියයට 50කින් පමණ අඩුවී ඇතැයිද සඳහන් කළේය







