අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හයදරු උපත දැන්ම සමරන්න එපා… දරුවොත් එක්ක අම්මයි තාත්තයි ගෙදර යන දවසට සමරන්න… කාසල් රෝහලේ විශේෂඥවරු කියති!

by editor
ඔක්තෝබර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

කාසල් වීදියේ කාන්ත රෝහලේ වාර්තා පොත  පසුගිය ඉරිදා අලුත් විය. ඒ වාසානාවන්ත අම්මා සහ තාත්තා වේයන්ගොඩය. වේයන්ගොඩ ඉසුරු පෙරේරා යුවල මව් පිය පදවි ලැබුවේ සය නිවුන් දරුවන්ටය. 

ඉසුරු පෙරේරා යුවල  කෘතීම දරු උපතක් වෙත යෑමට තිරණය කරන ලද්දේ විවාහ වී වසර 12ක් ගත වූ නමුත් ඔවුන්ට දරුවන් නොමැති වීමෙනි.  දෙපලගේම කැමැත්ත මත කෘතීම දරු උපතක් වෙත යොමු වූ මොවුන්ට පසුව ක්‍රමයෙන් දැන ගැනීමට ලැබුණේ කළල තැන්පත් කිරීමෙන් දරුන් 5දෙනෙකු පිළිසිඳගෙන ඇති බවකි. 

ඇයගේ කුස තුළ කළල ක්‍රමයෙන් වැඩුණි.    සති 26ක් පිරුණා පමණි. සති 26ක් පිරුනු තැන සිදුකළ යුතු කුඩා සැත්කමක් සදහා ඇය කාසල් රෝහල වෙත ඇතුළ වූවාය. ඒ ගිය  ඉරිදාය. 

එදා සවස ඇයට සැත්කම් කිරිමට යාමේදී දරු ප්‍රසූතියක   ලක්ෂණ පහළ විය.  වෛද්‍ය කාර්ය මණ්ඩලය යුහුසුළු වූහ.  ප්‍රසව හා නාරිවේද විශේඥ වෛද්‍යවරුන් හතර දෙනෙකුගේ සහය ඇතිව සිසේරියන් සැත්කම සිදුකරන කෙරිනි. දරුවන් පස්දෙනෙකු සිටින බව වෛද්‍යවරු මුලදී  පැවසුවද   දරුවන් 6 දෙනෙකු සිටින බව දැනගන්ට ලැබුණේ  සිසේරියන් සැත්කම අතර තුරේදී ය. ඒ බව දරු පැටවුන්ගේ තාත්තා  ඉසුරු පෙරේරා මාධ්‍යට කීවේය.

සති 26න් මෙළොව එළිය දුටු පැටව්

සිසේරියන් සැත්කමින් පසු සති 26න්  මෙලොව එළිය දුටු දරුවන් සය දෙනාගේ උපත් බර ඇත්තේ  ඉතා අඩු අගයන්ගෙනි. ඒ බර  ග්රෑම් 400 – 700 අතරය. මෙය ඉතා අවදානම් තත්ත්වයකි. දරු පැටව් හය දෙනාම  බැවින්   වහාම නවජන්ම ළඳරු ඒකකය වෙත ඇතුළත් කෙරිනි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන   සදහන් කළේ මෙවැන්නකි.  “නව ජන්ම ඒකකයක් ආසන්නයේම තියෙන ශල්‍යාගාරයක් අපි මේ මවගේ සිසේරියන් සැත්කම සඳහා තෝරා ගත්තා.  මව සිසේරියන් සැත්කමට ලක්කර දරුවන් බිහිකළ පසුවා දරුවන් හයදෙනාම අඩු බරින් යුතු නිසා නවජන්ම ඒකකයට ඇතුළත් කරලා මව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කලා. අද වන විට මව සුවය ලබා සාමාන්‍ය වාට්ටුවට ඇතුළත් කරලා තියෙනවා. ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්. ඒත් දරුවන් 6 දෙනා නව ජන්ම ඒකකයේ කෘතීම ශ්වසන යන්ත්‍රයන්ට සවිකර තිබෙන්නේ. වෛද්‍යවරු ඇතුළු සමස්තකාර්යය මණ්ඩලය දැඩි කැපවීමක් කරනවා මේ දරුවන්ව ජිවත් කරවා ගන්න. මේ දරුවන් අවශ්‍ය ඖෂධ හා උපකරණවල ගැටලුවක් නැහැ. අපි ට ඒවා සියල්ලම තියෙනවා.  එක දරුවෙක් මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ නොමේරු ඒකකයෙ රඳවා බලා ගන්නවා.“

නොමේරු දරවන්ගේ සෞඛ්‍ය තත්ත්වය රැක බලා ගන්නා ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර විමසුවෙමු.  ඔහු පවසන්නේ මෙම දරුවන්  සති 26න් බිහිවුණ බැවින් ඔවුන්ගේ  උපත් බර ග්රැම් 500 – 700 අතර වන නිසා  ජීවත් කර ගැනීම විශාල අභියෝගයක් බවය. 

“මේ සය දරු උපත සැමරිය යුතු අවස්ථාව  නොවේ.  එය  සැමරිය යුත්තේ දරුවන් සුවසේ නිවසට යන දිනයේදීයි.” වෛද්‍ය සමන් කුමාර අපට කිවේය. 

කෙසේ නමුත් කෘතීම  දරුවන් සාදා ගැනීමේදී ලෝක සම්මත ක්‍රමයට  අනුව ගර්භාෂය තුළ තැන්පත්කළ යුත්තේ කළල එකක් හෝ දෙකකි.   අප රට තුල එවැනි නියාමනයක් සිදු නොවන බැවින් කළල කීපයක් මවගේ ගර්භාෂය තුල තැන්පත් කිරිමක් කරන බවත්  මේ හේතුවෙන් දරුවන් හතර පස්දෙනෙක් හෝ ඊටත් වැඩියෙන්  බිහිවිය හැකි බවත් වෛද්‍යවරයා කීවේය.

දරු පවුලට ඇති අභියෝගය

නොමේරු ළදරු ඒකකය තුළ දරු පැටව්..

මෙය සමාජයට පවුලට විශාල අභියෝගයක් බවත් මෙවැනි තැන්පත් දරුවන් නියමිත කාලයට පෙර බිහිවීම තුළ ඔවුන්ව කෘතීම ශ්වසන යන්ත්‍රයන්ට සවිකර වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීමට සිදුවන බව පෙන්වා දෙන වෛද්‍ය සමන් කුමාර  මෙය රෝහල් කාර්ය මණ්ඩලටය භාරදූර්ය කටයුත්තක් මෙන්ම විශාල අභියෝගයක් යැයි ද කීවේය.

දරුවන්ගේ 6 දෙනාගේ පියා වන ඉසුරු පෙරේරා පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙකි.  ඔහු මේ වන විට වාසය කරන්නේ කුලි නිවසකය. ඔහුට ලැබෙන මාසික වේතනය සලකන විට  දරුවන් හය දෙනෙක් වෙනුවෙන් වැය වන     විශාල මුදල පිළිබඳ කණගාටු නොවී කෙසේ  හෝ දරුවන්  හදා ගන්නා බව ඉසුරු පැවසුවේය. ඒ සඳහා උපකාර කරන ලෙස ද ඔහු සමාජයෙන් විවෘත ඉල්ලීමක් කළේය.    

 “ දරුවන් 6 දෙනාට දවසකට කිරිපිටි කිලෝ 2ක් විතර යනවා. කිලෝ එකක් රුපියල් 3000ක් විතර වෙනවා.  මාසෙකට එක්ලක්ෂ   අසුදාහක් යනවා හය දෙනාටම පැම්පස් වලට විතරක්. ඒක විශාල මුදලක්.  මේ වෙලාවේ කවුරු හාරි සහායොගයක් දෙන්න පුලුවන් නම් එය ඉතාමත් අගය කර සලකනවා“  ඉසුරු පෙරේරා කිවේය.”

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දන්ත නාරායන මහතා  පැවසුවේ දරුවන් 6 දෙනාට සහ මවට තවත් සැලකිය යුතු කාලයක් රෝහල තුළ රැදී සිටීමට සිදුවන බවය.

 ඔවුන් යම් උපකාරයක් කිරිම කැමැත්තක් දක්වන කවුරුන් හෝ සිටින්නේ නම් රෝහල වෙත හෝ   දරුවන්ගේ පියා වන  ඉසුරු පෙරේරාගේ  0702218048   දුරකථන අංකයට අමතා වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුද්ධි කීර්තිසේන දිවි සැරියෙන් සමු ගනී!

Next Post

ජීවතුන් අතර ඇතැයි විශ්වාස කළ ඊශ්‍රායලයේ දී අතුරුදහන් වූ අනුලා ජයතිලක  ඝාතනය වී ඇතැයි ඊශ්‍රයාලය තහවුරු කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.