ශ්‍රියානි විජේසිංහ –
ආර්ථික යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති මැයි 9 වන දා සිට නැවතත් අඛණ්ඩ වර්ජනයකට යොමු වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා මාස 4ක් පුරා කළ අරගලය අප්‍රේල් මාසයේදී තාවකාලිකව නතර කළේ සෞඛ්‍ය අමාත්‍යංශය සකස් කල තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබා දෙන බවට දුන් පොරොන්දුව හේතුවෙන් යැයි සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කරයි.
එහෙත් එම එකඟතාවන් නිවැරදි ලෙස ඉටුනොකිරීම හේතුවෙන් නැවත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට අද (7) රැස්වූ සන්ධාන නියෝජිතයින් තීරණය කළ බව හෙතෙම පැවසුවේය.
මේ අනුව 9 වන දා සිට පළාත් වශයෙන් සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවත් මේ සඳහාද ප්‍රතිචාරයන් නොලැබෙන්නේ නම් මැයි 22දා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට මෙහිදී තීරණය කළ බව ද ඔහු පැවසුවේය.
මැයි 9 වෙනිදා උතුරු මැද පළාත, මැයි 13 වෙනිදා මධ්‍යම පළාත, මැයි 14 වෙනිදා සමබරගමු පළාත් තුළ ක්‍රියාත්මක වන වැඩ වර්ජනය වයඹ හා දකුණු පළාත තුළ පිළිවෙලින් මැයි 15 සහ 16 යන දෙදින තුළ ක්‍රියාත්මක වනු ඇත. මැයි 20 සහ 21 යන දිනයන්ගේ වර්ජනය ක්‍රියාත්මක වන්නේ ඌව සහ බස්නාහිර පළාත් වල බව සන්ධානය අවධාරණය කරයි.