fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

1 මාසයක් ago
in පුවත්
480 5
0
Share on FacebookShare on Twitter

තරීෂා අබේවික්‍රම –

උද්ගත ව ඇති තත්ත්වයට විසඳුමක් ලෙස රජය තවත්   රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කර තිබේ. 2022.05.25 දිනැති  10/2022 චක්‍රලේඛය සහ 2022.03.08 දිනැති “විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම” සම්බන්ධ අංක 04/2022 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව මේ සීමා කිරිම් සිදුකර ඇත.

ඉන්ධන පෝළිම්වල, ගෑස් පෝළිම්වල මිනිස් පැය කා දමන්නට ශ්‍රී ලංකාවේ වෙසෙන බහුතරයකට අද සිදු ව තිබේ. එසේ කා දමන කාලය යළි කිසිදා මුදල් බවට පත් කර ගත නොහැකි ය. ඒ අතරේ මේ සිදුවන්නට යන්නේ රාජ්‍ය සේවය ද බිඳ වැටීමකි.

රාජ්‍ය සේවය තුළ සිටින  හෘදය සාක්ෂියක් රහිත සේවකයින් අතලොස්සකගේ බොරුව සහ වංචාව හේතුවෙන් සමස්ථ සේවයම ගර්හාවට අවමානයට ලක් වී තිබේ. දාමයක එක් පුරුකක් බිඳුනු විට සමස්ථයම බිඳීයන්නා සේ එවැන්නන් අතලොස්සක් නිසා සමස්ථ රාජ්‍ය සේවයම අකාර්යක්ෂම බවට වූ චිත්‍රය සමාජයට ලැබී තිබේ. පොදුවේ රාජ්‍ය සේවය යනුම අනවශ්‍ය  බරක් සේ සලකන ආකල්පයක් රටේ නිර්මාණය වී ඇත.

රාජ්‍ය සේවය සඳහා සේවකයින් අඩුවෙන් ගෙන්වා වියදම අඩු කරගැනීමට රජය උත්සාහ කරන්නේ ඒ  රාජ්‍ය සේවයේය.

අද පවතින බොහෝ  රජයේ කාර්යාල අඳුරෙන් බර ය.   ඝණ අඳුරු තිර රෙදිවලින් වටකොට, ස්වභාවික ආලෝකය එන්නට නොදී, විදුලි බල්බ ඕනෑවටත් වඩා දල්වා විදුලි පංකා හෝ වායු සමීකරණ සහිතව මෙම කාර්යාල පවත්වාගෙන යයි.

එහෙව් තැන්වල රාජ්‍ය සේවයට පැමිණීම සීමා කිරීමෙන් රජය අපේක්ෂා කරන විදුලිය පිරිමැසීම  සිදුවන්නේ නැත.  මේ බොහෝ ගොඩනැගිලි අභ්‍යන්තරය සකසා ඇත්තේ එළියට විවෘත ජනේල රහිතවය.  මහා දවාලෙත් විදුලි බුබුළු නොදල්වන්නේ නම් අන්ධකාරයේ ගලී යන ලෙසය.

එවැනි කාර්යාලයක  එක් අයෙක්   පැමිණිය ද සියලු දෙනා පැමිණියා සේ විදුලි පහන්, විදුලි පංකා, වායු සමීකරණ ක්‍රියාත්මක වන්නේය.  මේ ක්‍රමයෙන් විදුලිය පිරිමැසීමක් එයින් සිදු නොවේ.

විදුලිය හා රාජ්‍ය වියදම් පිරිමසා ගැනීමට නම් කළයුතු වන්නේ සමස්ත රාජ්‍ය සේවය ම සතියකට දින එකක් හෝ දෙකක් මුළුමනින් ම වසා දැමීම ය. එදිනට අත්‍යවශ්‍ය ම සේවා හැර අනෙකුත් සේවාවන් මුළුමනින්ම  නවතා දැමිය යුතු ය. අඩු ම තරමේ කාර්යාලයක දොරක්වත් විවෘත නොකළ යුතු ය. අතිකාල සේවා ද එම දිනවල නවතා දැමිය යුතු ය. එදිනට දුම්රිය ගමන් හා බස් ධාවනය ද සීමා කළ යුතු ය.

එපමණක් නොව සෑම රාජ්‍ය සේවකයෙක් ම නිලධාරීන් ඇතුළු ව නිවසේ සිටින දිනය හෝ දින දෙක ගෙවතු වගාවක නිරත වීම  රාජ්‍ය සේවයේ ම කොටසක් ලෙස අනිවාර්ය කළ යුතුය. රජයේ කෘෂි නිලධාරීන් ඒවා දැඩි ව අධීක්ෂණය කළ යුතු ය.

මේ අවස්ථාවේ කළයුතු නුවණක්කාර ම සහ දූරදර්ශී විසඳුම වන්නේ එයයි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

Next Post

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

Related Posts

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

ජූනි 27, 2022

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ජූනි 28, 2022

ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

ජූනි 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…
  • හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…
  • ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!
  • රුසියානු තානාපති ජනපති හමුවෙයි ….
  • රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

ජනප්‍රිය පුවත්

  • Parliment

    රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්නගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට අත්අඩංගුවට ගත් මහාචාර්ය ධම්මදින්න හිමියෝ ඇප මත නිදහස් වෙති…

    223 shares
    Share 89 Tweet 56
  • තෙල් එපා… යාපනයේ අස්ස කෝච්චිය යළි ඇරඹෙයි… .

    219 shares
    Share 88 Tweet 55
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

    172 shares
    Share 69 Tweet 43
  • “ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

    206 shares
    Share 82 Tweet 52

Highlights

රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

විදුලි බිල සියයට 75කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරයි…

සල්ලි අච්චු ගහන්නට කලින් රා හොරුන්ට දෙන “අච්චුවෙන්“ භාණ්ඩාගාරය පුරවන්න!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

by editor
ජූනි 27, 2022
0

තෙල් සංස්ථාවේ අමාත්‍යවරයා සමඟ නාමල් රාජපක්ෂ...

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

by editor
ජූනි 28, 2022
0

හෙට දිනය තුළ කිසිම ගැටලුවක් නොවන...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist