සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

by editor
මැයි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තරීෂා අබේවික්‍රම –

උද්ගත ව ඇති තත්ත්වයට විසඳුමක් ලෙස රජය තවත්   රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කර තිබේ. 2022.05.25 දිනැති  10/2022 චක්‍රලේඛය සහ 2022.03.08 දිනැති “විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම” සම්බන්ධ අංක 04/2022 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව මේ සීමා කිරිම් සිදුකර ඇත.

ඉන්ධන පෝළිම්වල, ගෑස් පෝළිම්වල මිනිස් පැය කා දමන්නට ශ්‍රී ලංකාවේ වෙසෙන බහුතරයකට අද සිදු ව තිබේ. එසේ කා දමන කාලය යළි කිසිදා මුදල් බවට පත් කර ගත නොහැකි ය. ඒ අතරේ මේ සිදුවන්නට යන්නේ රාජ්‍ය සේවය ද බිඳ වැටීමකි.

රාජ්‍ය සේවය තුළ සිටින  හෘදය සාක්ෂියක් රහිත සේවකයින් අතලොස්සකගේ බොරුව සහ වංචාව හේතුවෙන් සමස්ථ සේවයම ගර්හාවට අවමානයට ලක් වී තිබේ. දාමයක එක් පුරුකක් බිඳුනු විට සමස්ථයම බිඳීයන්නා සේ එවැන්නන් අතලොස්සක් නිසා සමස්ථ රාජ්‍ය සේවයම අකාර්යක්ෂම බවට වූ චිත්‍රය සමාජයට ලැබී තිබේ. පොදුවේ රාජ්‍ය සේවය යනුම අනවශ්‍ය  බරක් සේ සලකන ආකල්පයක් රටේ නිර්මාණය වී ඇත.

රාජ්‍ය සේවය සඳහා සේවකයින් අඩුවෙන් ගෙන්වා වියදම අඩු කරගැනීමට රජය උත්සාහ කරන්නේ ඒ  රාජ්‍ය සේවයේය.

අද පවතින බොහෝ  රජයේ කාර්යාල අඳුරෙන් බර ය.   ඝණ අඳුරු තිර රෙදිවලින් වටකොට, ස්වභාවික ආලෝකය එන්නට නොදී, විදුලි බල්බ ඕනෑවටත් වඩා දල්වා විදුලි පංකා හෝ වායු සමීකරණ සහිතව මෙම කාර්යාල පවත්වාගෙන යයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙව් තැන්වල රාජ්‍ය සේවයට පැමිණීම සීමා කිරීමෙන් රජය අපේක්ෂා කරන විදුලිය පිරිමැසීම  සිදුවන්නේ නැත.  මේ බොහෝ ගොඩනැගිලි අභ්‍යන්තරය සකසා ඇත්තේ එළියට විවෘත ජනේල රහිතවය.  මහා දවාලෙත් විදුලි බුබුළු නොදල්වන්නේ නම් අන්ධකාරයේ ගලී යන ලෙසය.

එවැනි කාර්යාලයක  එක් අයෙක්   පැමිණිය ද සියලු දෙනා පැමිණියා සේ විදුලි පහන්, විදුලි පංකා, වායු සමීකරණ ක්‍රියාත්මක වන්නේය.  මේ ක්‍රමයෙන් විදුලිය පිරිමැසීමක් එයින් සිදු නොවේ.

විදුලිය හා රාජ්‍ය වියදම් පිරිමසා ගැනීමට නම් කළයුතු වන්නේ සමස්ත රාජ්‍ය සේවය ම සතියකට දින එකක් හෝ දෙකක් මුළුමනින් ම වසා දැමීම ය. එදිනට අත්‍යවශ්‍ය ම සේවා හැර අනෙකුත් සේවාවන් මුළුමනින්ම  නවතා දැමිය යුතු ය. අඩු ම තරමේ කාර්යාලයක දොරක්වත් විවෘත නොකළ යුතු ය. අතිකාල සේවා ද එම දිනවල නවතා දැමිය යුතු ය. එදිනට දුම්රිය ගමන් හා බස් ධාවනය ද සීමා කළ යුතු ය.

එපමණක් නොව සෑම රාජ්‍ය සේවකයෙක් ම නිලධාරීන් ඇතුළු ව නිවසේ සිටින දිනය හෝ දින දෙක ගෙවතු වගාවක නිරත වීම  රාජ්‍ය සේවයේ ම කොටසක් ලෙස අනිවාර්ය කළ යුතුය. රජයේ කෘෂි නිලධාරීන් ඒවා දැඩි ව අධීක්ෂණය කළ යුතු ය.

මේ අවස්ථාවේ කළයුතු නුවණක්කාර ම සහ දූරදර්ශී විසඳුම වන්නේ එයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

Next Post

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.