සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

by Lanka Sara Editor
මැයි 27, 2022 - Updated on මැයි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයුම් තොගයක් වැඩ බලන මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ඊයේ (27) කොළඹ දී භාර දෙන ලදී. ටොන් 25කට අධික බරකින් යුත් මෙම ආධාර තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 260කට ආසන්නය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

සාගර් IX (SAGAR) මෙහෙයුම යටතේ මෙම මානුෂීය ආධාර තොගය කඩිනමින් ශ්‍රී ලංකාවට භාර දීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ (INS) ටොන් 5600ක ලෑන්ඩින් නෞකාවක් වන ඝාරියල් නෞකාව යොදවා තිබිණ. වෛද්‍ය සැපයුම්වලට අමතරව ශ්‍රී ලාංකික ධීවරයන්ගේ පරිහරණය සඳහා භූමිතෙල් තොගයක් ද මෙම නෞකාව  රැගෙන විත් ඇත. ලංකා ධීවර  සංස්ථාව විසින් ඉදිරි දිනවලදී මෙම භූමිතෙල් තොගය ප්‍රතිලාභීන්ට බෙදා දෙනු ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ සංවිධාන සහ රෝහල් විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් මෙම වෛද්‍ය සැපයුම් තොගය පරිත්‍යාග කරන ලදී. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා 2022 මාර්තු මාසයේදී කරන ලද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී සුවසැරිය පදනමේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් රටෙහි වෛද්‍ය ‍ ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතාවයන් පෙන්වා දෙන ලදී. පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය සැපයුම් තොගයෙන් එම අවශ්‍යතා සපුරාලනු ඇත. මෙයට අමතරව, හම්බන්තොට මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ යාපනය ශික්ෂණ රෝහල  වෙත ද මෙම වෛද්‍ය ආධාර තොගය ලබා දෙනු ඇත.

2022 අප්‍රේල් 29 වන දින ද පේරාදෙණිය රෝහල සඳහා විශාල වෛද්‍ය සැපයුම් තොගයක් INS ඝාරියල් නෞකාව විසින් දිවයිනට රැගෙන එන ලදී. මෙම මානුෂීය ආධාර තොගය මූල්‍යාධාර, විදේශ විනිමය සහය, ද්‍රව්‍යමය ආධාර ආදි විවිධ අයුරින් ශ්‍රී ලාංකික ජනතාවට සහය වීමට ඉන්දියාව ගන්නා ප්‍රයත්නයන් හි කොටසකි.  ‍මෙම සහයෝගයන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය පිළිඹිබු කරයි. “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියේ මූලිකාංගය වන්නේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීමයි. මෙම ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ තම සහෝදර සහෝදරියන් වෙත ඉන්දීය ජනතාව විසින් සිදු කරන නිර්ලෝභී පරිත්‍යාගයන්ගෙන් තවත් සවිමත් වී ඇත. එකිනෙකාගේ සුබසිද්ධිය වෙනුවෙන් දෙරට ජනතාව විසින් ලබාදෙන ප්‍රමුඛතාවය මෙම සහයෝගයන් සහ කැපවීම තුළින් පෙන්නුම් කෙරෙන බව කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Share69Tweet43
Previous Post

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

Next Post

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.