හැටන් රංජිත් රාජපක්ෂ –
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලි මනරම් ලෙස සක්‍රීය වී තිබේ.
ඒ ඇදහැලෙන දැවැන්ත ජල දහර චමත්කාරජනක දර්ශනයක් මවමින් ඇත.
එමෙන්ම ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (28) දින ස්වයංක්‍රියව විවෘත වී ඇත.
එම ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවරු ඉල්ලා සිටිති.







