බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුරාබද්ද බොරුවක් වන හැටි ඇඩික් කියයි… සුරාබදු ආදායමට වඩා බේබද්දන් රටට අහිමි කරන පිරිවැය වැඩියි!

by editor
සැප්තැම්බර් 30, 2024
in පුවත්
Arrack
Share on FacebookShare on Twitter

මධ්‍යසාර භාවිත හේතුන් මත සෑම පැයකටම පුද්ගලයින් 02කට වඩා මිය යන බවත් වාර්ෂිකව මධ්‍යසාර භාවිතය පදනම් හේතුව මත මරණ 15,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් සිද්ධ වන බවත්, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොතුරු මධ්‍යස්ථානය (ADIC)අනාවරණය කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මධ්‍යසාරවලින් ලැබූ බදු ආදායමට වඩා රුපියල් බිලියන 72ක වැය බරක් මධ්‍යසාර හේතුවෙන් රජයට අහිමි වී ඇති ආකාරය ය.

සුරාබදු වලින් ලබා ගන්නා ආදායමට වඩා මද්‍යසාර මගින් ඇති කරන සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය ඉතා ඉහළ බව විද්‍යාත්මක දත්ත පදනම් කරගනිමින් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

මද්‍යසාර නිසා රෝගී වූවන් වෙනුවෙන් රජයට වැය කිරීමට සිදු වන සෞඛ්‍ය සහ ආර්ථික වියදම
වසරකට රුපියල් බිලියන 237ක්

ලෝක මද්‍යසාර නිවාරණ දිනය ඔක්තෝම්බර් 3 වනදාට යෙදී ඇත. මද්‍යසාර භාවිතය නිසා ලොව පුරා වසරකට පුද්ගලයන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මරණයට පත් වේ. ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණ වලින් 10න් 8කටම හේතුවක් වන්නේ බෝ නොවන රෝග (NCD) වන අතර බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1 ක් ලෙස මද්‍යසාර භාවිතය පෙන්වා දිය හැක.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආර්ථිකමය, සෞඛ්‍යමය හා සමාජීයව ගැටලු රාශියකට රටක් වශයෙන් අපට මුහුණ දීමට සිදුවී ඇත. මද්‍යසාර භාවිතය නිසා දිනකට ශ්‍රී ලාංකිකයක් 50කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් වන අතර වසරකට 15000 ත් 20000ත් අතර ප්‍රමාණයක් මරණයට පත් වේ. එමෙන්ම මද්‍යාසර යනු රටකට ආදායමක් නොවන බව ඉතා පැහැදිලි ය. එනම්, 2022 වසරේ මද්‍යසාර සුරා බදු නිසා රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 165ක් වුවද එක්සත් ජාතීන්ගේ සංවර්ධිත අරමුදල (Source – Investment Case For Alcohol Control In Sri Lanka 2022- UNDP) මගින් 2023 වසරේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මද්‍යසාර භාවිතය නිසා අප රටට දැරීම‌ට සිදු වී ඇති සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය රුපියල් බිලියන 237ක් බව අනාවරණය වී ඇත. එමගින් විද්‍යමාන වන්නේ සුරාබදු වලින් ලබා ගන්නා ආදායමට වඩා මද්‍යසාර මගින් ඇති කරන සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය ඉතා ඉහළ බවයි.

2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (NATA) මගින් මද්‍යසාර සහ දුම්කොළ ප්‍රචාරණයන් අපේ රටේ තහනම් කර ඇත. රට තුළ ඇති නිතී උල්ලංඝනය කරමින් මද්‍යසාර සමාගම් සදාචාර විරෝධී අනීතික ආකාරයෙන් මෙම පනත (NATA) උල්ලංඝනය කරමින් ළමුන් සහ තරුණයන් ඇතුළු සමස්ත ජනතාව ඉලක්ක කරමින් මදසාර ප්‍රවර්ධනයන් තව දුරටත් සිදු කරමින් සිටියි. ළමයින් සහ තරුණයින් මද්‍යසාර සමාගම්වල ප්‍රධාන ඉලක්කයක් වන අතර මද්‍යසාර භාවිතය නිසා අකාලයේ මරණයට පත්වන මිනිසුන් වෙනුවට නව පාරිභෝගිකයින් තම භාණ්ඩය වෙත ආකර්ෂණය කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

ජනතාවගේ මද්‍යසාර භාවිතය අවම වීම සමස්ථ රටේම සුභ සිද්ධියට හේතු වේ. සෞඛ්‍ය වියදම අවම වීමටත්, ප්‍රජාව සෞඛ්‍ය සම්පන්න වීමටත්, පවුල තුළ සතුට, සමගිය වර්ධනය වීමටත් මද්‍යසාර භාවිතය අවම වීම හේතු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මද්‍යසාර බදුකරණය සහ මිල නියම කිරීමේ ප්‍රතිපත්ති, විද්‍යාත්මකව සනාථ  කර ඇති වඩාත්ම ඵලදායී හා ලාභදායී මද්‍යසාර පාලන පියවර අතර වේ. එනම් සුරා බදු වැඩිවීම තුළින් ජනතාවගේ මද්‍යසාර භාවිතය අඩුවීමත්, සුරාබදු වැඩි කිරීම තුළින් රජයේ ආදායම් වැඩි කරගැනීමට හැකි වීමත් යන කාරණා දෙකම එකවර සිදු වී තිබේ. පසුගිය වසරවල සුරාබදු වාර්තා අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ පසුගිය වසරක කාලය තුළ 34%කින් මද්‍යසාර සුරාබදු වැඩි කිරීම තුළින් රටේ සුරාබදු ආදායම ද වැඩි වී ඇති බවයි. 2022 වසරේ සුරාබදු  ආදායම රුපියල් බිලියන 165.2 ක් වූ අතර 2023 වසරේ සුරාබදු ආදායම බිලියන 181.10ක් වේ. ඒ අනුව නියමිත මිල සූත්‍රයකට අනුව මද්‍යසාර සුරා බදු අය කරගැනීම හරහා මද්‍යසාර භාවිතය අවම කිරීමටත්, රජයේ ආදායම වැඩි කර ගැනීමටත්, මද්‍යාසාර භාවිතය අවම වීමත් සමග මද්‍යසාර නිසා රෝගී වූවන් වෙනුවෙන් වැය කිරීමට සිදු වන සෞඛ්‍ය සහ ආර්ථික වියදම් අවම කර ගැනීමටත් හැකියාවක් ඇත. එමෙන්ම මද්‍යසාර භාවිතය ආරම්භ කිරීම අවම කිරීම සඳහා ද එය ප්‍රත්‍යක්ෂ පියවරක් වේ.

මේ වන විට නව රජයක් බලයට පත් වී නැවුම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මොහොතේ රටේ මද්‍යසාර ගැටලුව අවම කිරීම සඳහා අප විසින් යෝජනා කර ඇති පහත සඳහන් යෝජනා රජය විසින් වහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇතැයි මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ලෙස අප බලාපොරොත්තුවෙන් සිටිමු.

මද්‍යසාර ගැටලුව පාලනයට යෝජනා හා නිර්දේශ

  1. මද්‍යසාර සඳහා වූ බදු උද්ධමනයට සහ ආර්ථික වර්ධනයට ගලපමින් සෑම වසරකම සුරාබදු වැඩි වන විද්‍යාත්මක බදු සූත්‍රයක් හඳුන්වා දෙමින් එය ක්‍රියාත්මක කිරීම.
  2. මද්‍යසාර සමාගම් දැනටමත් රජයට ගෙවිය යුතු නමුත් පැහැර හැර ඇති බදු අයකර ගැනීමටත් අනාගතයේ එවැනි තත්වයක් ඇති නොවීමටත්, ක්‍රමවත් බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම. 
  3. මද්‍යසාර භාවිතය හා ප්‍රවර්ධනය අවම කිරීමට දැනට සම්මතකර ඇති නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට (NATA) යෝජනා කර ඇති සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීම.
  4. තාවකාලික මද්‍යසාර බලපත් නිකුත් නොකිරීම සහ සංචාරක කර්මාන්තය මුවාවෙන් නිකුත් කරන සුරා බලපත් ලබා දීමේ ක්‍රමවේදය අත් සිටුවීම.
  5. 2016 අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම.
  6. නීති විරෝධී මද්‍යසාර පාලනය සදහා නීතිය ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා ඇති ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක වීම.
  7. මද්‍යසාර භාවිතයට පුරුදු වීමට පෙර එයින් වළක්වා ගැනීමේ අරමුණෙන්, ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් දිගින් දිගටම ක්‍රියාත්මක වන ප්‍රතිඵලදායක මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීම සඳහා ජාතික මට්ටමේ නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  8. මද්‍යසාර භාවිතය සඳහා යොමු වූවන් එයින් නිදහස් කරගැනීමට උපදේශනය, ප්‍රතිකාර හා වෙනත් සේවා සහ අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම.
  9. මද්‍යසාර කර්මාන්ත විසින් දැනට පවතින ප්‍රතිපත්ති දුර්වල කිරීමට සහ නව ප්‍රතිපත්ති ගෙන ඒම වළක්වමින් සිදුකරන මැදිහත්වීම් වැළැක්වීමට කටයුතු කිරීම.

ඉහතින් සඳහන් යෝජනා ක්‍රියාත්මක කරවීම සඳහා නව රජය විසින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට අප රටේ මද්‍යසාර හා බැඳී ඇති ගැටලු අවම කිරීමට සක්‍රීයව මැදිහත් වනු ඇතැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) මෙවර ලෝක මද්‍යසාර නිවාරණ දිනයේ දී  බලාපොරොත්තු වේ.

සම්පත් ද සේරම්,
විධායක අධ්‍යයක්ෂ,
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය)

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදාගත්ත ලොකු ලූනුටික විකුණා ගන්න බැරිව පොළොවේ පස් කන ඇලහැර ගොවියන්ගේ කතාව…

Next Post

මාධ්‍යවේදි තරිඳු ජයවර්ධනට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝග 02ක් අභියාචනාධිකරණයෙන් අත් හිටුවයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.