fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුනු විසුනු වූ ශ්‍රී ලංකා ඉනිම වනිඳු – පැතුම් ගොඩ ගනිති… අයර්ලන්තයට 172ක ඉලක්කයක්!

මාස 8ක් ago
in පුවත්
461 5
0
wanidu-hasaranga
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර දැන් පැවැත්වෙන තරගයේ පලමු අර්ධය නිමා වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සුව පහසු තැනකය. ඔවුන් පන්දු ඕවර 20 තුළ දී ලකුණු 171ක් රැස් කළහ. එහෙත් මේ අඩියට කණ්ඩායම රැගෙන එන්නේ පස්වන කඩුල්ල වෙනුවෙන් වනිඳු හසරංග හා පැතුම් නිශ්ශංක ගොඩනැගූ ලකුණු 126ක වගකීම් සහිත සම්බන්ධතාවය නිසාය.

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ සුනු විසුණු කරනු බලා සිටියෙමු. ලෙජන්ඩ් එකක් බව කී කුසල් ජනිත් පෙරෙරා යළිත් මුලුමනින්ම අසාර්ථක විය. කුසල් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.  ආරම්භක පන්දු යවන්නා වූ පොල් ස්ට්‍රීං කුසල් ජනිත්ට එවූ මුල්ම පන්දුවෙන්ම ඔහුව ගොදුරු කරගත්තේය.

අනතුරුව පිටියට පැමිණි ලෙජන්ඩ් චන්දිමාල් පන්දු හයකට පමණක් මුහුණ දුන්නේය. ලකුණු හයක් ලබා ගත්තේය. ඔහු වේග පන්දු යවන ජොෂ් ලිට්ල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය.

මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. අවිශ්ක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඉනි ගලවා ගත්තේය. ජොෂ් ලිට්ල් මනරම් පන්දු යැවීමක නිරත විය. ඔහු කඩුලු ත්‍රිත්වය අභිසයට පැමිණියේ එක ලඟ පන්දු දෙකක දී කඩුලු දෙකක් ලබා ගැනීමෙනි. ලකුණු 8ට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් බිඳ වැටිනි.

එක් අන්තයක සිටි පැතුම් නිශ්ශංකට වනිඳු හසරංග එක් වූයේ මේ අසීරු අවස්ථවේ දීය. වනිඳු සහ පැතුම් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කුඩු කර දැමූ ඉනිම යළි අසීරුවෙන් ගොඩ නැගූහ. වනිඳු  විචිත්‍ර ඉනිමක් ක්‍රීඩා කළේය. පන්දු 47ක දී ඔහු ලකුණු 71ක් ලබා ගත්තේය. හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් එම විශිෂ්ට ඉනිමට එක් විය.

මාර්ක් ඇඩයර්ගේ පන්දුවකට වනිඳු දැවී යනවිට පැතුම් සහ වනිඳු එක්ව ලකුණු 126ක අනගි සම්බන්ධතාවයක් ගොඩනගා තිබිණි. වනිඳු දැවී ගියේ ලකුණු පුවරුව ලකුණු 134ක් ලෙස සටහන් වෙද්දීය.

අනතුරුව භානුක රාජපක්ෂ එක් ලකුණකට ජොෂ් ලිට්ල්ට ගොදුරු විය. ඔහු මුහුණ දුන්නේ පන්දු 03කට පමණි. පන්දු 47ක දී මනරම් ලකුණු 61 ලබා ගත් පැතුම් නිශ්ශංකත් දවා ගැනීමට ලිට්ල් සමත් විය. පැතුම් ලකුණු 61ට හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් එල්ල කර තිබිණි.   අනගි ප්‍රහාරයක් දියත් කළ දසුන් ශානක පන්දු 11 ක දී ලකුණු 21ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමට බිහිසුණු අනතුරක් කළ පන්දු යවන්නා ජොෂ් ලිට්ල්ය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 23කට කඩුලු 04ක් දවා ගත්තේය. මාර්ක් මාර්ක් ඇඩයර් පන්දු ඕවර 04 දී ලකුණු 35කට කඩුලු 2ක් ලබා ගත්තේය.

අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් හිමි වී තිබේ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අද ගාලු කොටුව… නැවත ශතකවලින් මරණ ගණින්න සූදානම් වන්න…

Next Post

කෙහෙලිය – ජයසුමන ගැටුම උග්‍රයි… ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වේ…

Related Posts

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

ජූනි 29, 2022
IOC

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

ජූනි 29, 2022

ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…

ජූනි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා
  • අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…
  • ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

ජනප්‍රිය පුවත්

  • කැබිනට් අනුමැතියෙන් සිපෙටිකෝ අලෙවිසල් IOC ඇතුළු විදෙස් සමාගම් වලට…

    248 shares
    Share 99 Tweet 62
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • ද ෆිනෑන්ස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් පහක් ඈවර කරයි…

    173 shares
    Share 69 Tweet 43

Highlights

මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

බකමූණ ඇඟලුම් කම්හල් සේවකයෝ ඉන්ධන ඉල්ලා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලති!

සිඳී ගිය ඉන්ධන සංචිත ගුවන් ගමන් අඩපණ කරයි..

අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

by Lankasara News
ජූනි 29, 2022
0

අවුරුදු 101 වයසැති හිටපු නිසි වදකාගාරයක...

IOC

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

by editor
ජූනි 29, 2022
0

සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම් සිදු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist