-
අපි කිසිම සරසවි සිසුවෙක් අත්අඩංගුවට අරන් නෑ. මුදලිගේ අවුරුදු 08-09ක් සරසවියෙ. එහෙම කොහොම ද?. වැඩිපුර අවුරුද්දක් දෙන්නම්. ඊට පස්සෙ සරසවියෙ ඉන්න බෑ…
-
කාටවවත් පාරට බැහැලා නටන්න බෑ.. ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩක් නෑ. හමුදාව ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න…
පැවිද්දන් පැවිද්දන්ගේ වැඩක් බලා ගත යුතු බවත් සිවුරු ඇදගත් බට්ටන් දමා රටේ වැඩ කටයුතු අවුල් කරන්නට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු පැවසුවේ වසන්ත මුදලිගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නොවන බවත් කිසිම සරසවි ශිෂ්‍යයෙක් අත්අඩංගුවේ නොමැති බවත්ය. වසර 8ක් 09ක් සරසවියෙ රැඳී ඉන්නට ඉඩ නොදෙන බව කී ජනාධිපතිවරයා වැඩිපුර එක් අවුරුද්දක් ලබා දිය හැකි බවත් ඉන් අනතුරුව සරසවියෙන් ඉවත් වී යා යුතු බවත්ය. එම වැඩපිළිව‍්ළෙ තමන් හදන බවත් කීවේය.
ජනාධිපතිවරයා මෙසේද පැවසුවේය.
“ව්‍යවස්ථාව අනුව තුන්වැනි වගන්තියෙ කියලා තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය අයිති ජනතාවට. ඒක ක්‍රියාත්මක කරන මාර්ගය 4 තියනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය සහ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ බලය.“
“මේ විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. ඊලඟට මූලික අයිතිවාසිකම්. ජනතාවට ඍජුව සහභාගී වෙන්න පුලුවන් ජනමත විචාරණයකට විතරයි. “
“කාටවත් පාරට බැහැලා නටන්න බෑ. එහෙම ඉඩක් නෑ. ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න ඉඩක් නෑ. ( ව්‍යවස්ථාව පෙන්වමින්) හමුදාව ඉන්නේ මේක ආරක්ෂා කරගන්න. “
“මේ රටේ ආණ්ඩු පෙරළන්න එනකොට හමුදාවට පැත්තකට වෙලා බලන් ඉන්න බෑ. පාරට බැහැලා අපේ පන්සල්වල හාමුදුරුවරුන්ට සිවුරු ඇඳගත්ත බට්ටො දාලා තර්ජනය කරනකොට අපි නිකම් ඉන්නෙ නෑ.“
‘හමුදාවට යුතුකමක් තියනවා ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව ඒවා නවත්වන්න.“
“මේ සියල්ල නවත්වන්න ඕන. පැවිදි පුද්ගලයො මේවට දාලා කලබල ඇතිකරන එක. පැවැද්දන්නට පැවිදි වැඩකටයුතු කරන් ඉන්න කියන්න. මෙහෙම කරන්න මම ඉඩ දෙන්නෙ නෑ. ‘
“අධ්‍යාපන ඇමතිතුමාට අපි කියන්න ඕන අපි කවුරුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයො අත්අඩංගුවට අරන් නෑ. මුදලිගේ දැන් අවුරුදු 08ක් ද 09ක් ද විශ්වවිද්‍යාලයෙ. මේක හරි වැඩක්නෙ. මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙනකොට අවුරුදු 21යි. මේ සෙල්ලම නවත්වන්න ඕන. තමන්ට වැඩිපුර එක අවුරුද්දක් දෙන්න පුලුන්. ඊට වැඩිය දෙන්න බෑ. විශ්ව විද්‍යාලයෙන් යන්න ඕන.“







