සිය නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිනි ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයකු සමඟ ගැටුමක් ඇති වීමට හේතු වූයේ අදාළ හිඟ බිල්පත ගෙවා තිබූ තමන් ඒ බව පැහැදිළි කිරීමට යාමෙදී ආදාළ සේවකයා එය පිලිනොගෙන කොපාවිෂ්ඨව ප්‍රතිචාර දැක්වීම නිසා බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසයි.
ඔහු සිය සමාජ මාද්‍ය තුල මේ සම්බන්ධයෙන් මෙසේ පැහැදිළි කර ඇත.
විදුලි බිල නොගෙවීම හේතුවෙන් නිවසෙහි විදුලිය කැපීමට ආ විදුලි සේවකයන්ගේ රාජකාරියට මා බාධා එල්ලකළ බවට ඇතැම් පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණි.
එහිදී විදුලිය කැපීමට ආ සේවකයන් සමග ගැටුමක් ඇතිවූ බවටද එම පුවත්පත් සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇත.
නමුත් එහිදී සිදුවූ සියල්ල පැහැදිළි කිරීම මගේ යුතුකමක් සේ සලකමි.
සිදුවීම මෙසේය :-
අදාළ නිලධාරීන් පිරිස මාගේ නිවසේ අනවසරයෙන් මාගේ නිවස පිහිටි පරිශ්‍රයට ඇතුළු වී විදුලිය විසන්ධි කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒ පිළිබඳ මම ඔවුන්ගෙන් විමසීමක් කළෙමි. එහිදී ඔවුන්ගෙන් මම විමසා සිටියේ සියලු විදුලි බිල් ගෙවා තිබියදීත් මෙලෙස විදුලි විසන්ධි කිරීමට සූදානම් වීම අසාධාරණ බවයි. එසේම රතු බිලකින් පූර්ව දැනුම්දීමක් නොකර විදුලිය විසන්ධි කිරීමට සූදානම් වීම පිළිබඳ ඔවුන්ගෙන් මම විමසීමි. මේ අවස්ථාවේ දී යම් බහින් බස් වීමක් සිදු වූ බවත් එය සුළු ගැටුමක් බවට පරිවර්තනය වූ බවත් ප්‍රකාශ කරමි. එවන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූයේ අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීමේ අරමුණුන් නොවන බවත් එය හුදෙක්ම මාගේ නිරවද්‍යතාවය ඔවුන්ට පැහැදිළි කිරීමට යාමේදී අදාළ නිලධාරීන් විසින් පළකළ කෝපාවිශ්ඨ ප්‍රතිචාර නිසාවෙන් බවද ප්‍රකාශ කරමි.
මාගේ නිවසේ අවසන් මීටර් කියවීම 2022 ඔක්තෝබර් 11 දින සිදු කරන ලදී. එදින වන විට බිල් මුදල රුපියල් 105,117 ක් වූ අතර එය එකම හිඟ මුදල විය .(වෙනත් බිල්පත් නොමැත).
මෙම මුදල සඳහා රුපියල් 104,109 ක් මාර්ගගතව ගෙවීම මගේ බිරිඳ විසින් 2022 ඔක්තෝබර් 20 දින සිදු කරන ලදී.
මගේ භාර්යාව ආපසු පැමිණීමේදී ඇය ගෙවීම් විස්තර නැවත පරීක්ෂා කර ඇති අතර ගෙවීම ආපසු ලබා දී ඇති නිසා වහාම රුපියල් 104,109 ක තවත් මාර්ගගත ගෙවීමක් සිදු කරන ලදී.
ඒ අනුව 2022 නොවැම්බර් 23 වන විට ලියාපදිංචි ලිපිනයේ විදුලිය සඳහා ගෙවීමක් නොමැත. නමුත් මේ බව ඒත්තු ගැන්වීමට අදාළ බිල්පත් ඉදිරිපත් කළද මාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි නිලධාරීන් ඒ බව පිළිගැනීමට මැළිවූ බවද ප්‍රකාශ කරමි.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරමින් උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති මම සෑම විටම පෙනීසිටින්නේ සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙනි. එවන් පසුබිමක මම රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට කිසිදු අවස්ථාවක බාධාකර නැත. ඔවුන්ගේ රාජකාරියට ඉදිරියේ දී බාධා කරන්නේ ද නැත. එය මාගේ ප්‍රතිපත්තියයි.
අනෙක් සුවිශේෂී කාරණාව වන්නේ සාමාන්‍ය පුරවැසියෙකු නිසාවෙන් නිසිකලට සියලු විදුලි බිල් ගෙවීමේ වගකීම මම එලෙසම ඉටුකරමි. එසේම තම පාරිභෝගිකයින් සමඟ ගනුදෙනු කිරීමේදී විදුලිබල මණ්ඩයේ නිලධාරීන් මීට වඩා වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කරනු ඇතැයිද මම බලාපොරොත්තු වෙමි.