බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජනාධිපතිතුමනි බෞද්ධ වටිනාකම් තුළ පිහිටා වැඩ කරන්න”

සජබ මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මකාර් ජනපතිගෙන් ඉල්ලයි

by Lanka Sara Editor
දෙසැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය වැළදී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අදාහනය කළ යුතු බවට රජය ගෙන තිබෙන තීන්දුව වසංගත රෝග පිළිබඳව ඉහළ පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම රජය තුළ සිටින අති බහුතරය අනුමත නොකරන බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

මෙරට දශක 05 ක් ප්‍රචණ්ඩත්වයෙන් වෙළාගෙන සිටි බවත් මෙවැනි තීන්දු මඟින් අපේ දරුවන්ට නැවතත් ප්‍රචණ්ඩත්වයක් උරුම නොකළ යුතු බවත් මනුෂ්‍යත්වයේ නාමයෙන් රටේ ප්‍රධාන පෙළේ ආගමික නායකතුමන්ලා මතුව තිබෙන අසාධාරණයට එරෙහිව තම හඬ අවදි කළ යුතු කාලය දැන් එළඹ තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

කොරෝනා වසංගතය වැළදී මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට රජය ගෙන තිබෙන තීරණය නිසා මුස්ලිම් සමාජය තුළ උද්ගතව ඇති වත්මන් තත්වය හා ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ඉදිරි පියවර කුමක්ද යන්න ඉම්තියාස් බාකීර් මාකර් මහතාගෙන් ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව තව දුරටත් අදහස් දැක්වූ ඉම්තියාස් බාකීර් මාකර් මහතා මෙසේද පැවසීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රජය ගෙන ඇති මෙම තීන්දුව ඉතාම කණගාටුදායක එකක් බව කිව යුතුයි. මෙවැනි තීන්දු මඟින් අපේ රට බාහිර ලෝකයෙන් හුදකලා වෙනවා. මෙමඟින් අශිෂ්ඨ වනචාරී පිංතූරයක් අපේ රට කෙරෙහි මැවෙනවා.

මෙය අපි අදහන ආගම්වල වටිනාකම්වලට පටහැනියි. මෙය අපේ ප්‍රතිරූපයට දැඩිව හානි කරන කාරණයක් බව කිව යුතුයි. මෙහිදී විශේෂයෙන්ම මා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉලක්ක කර ගනිමින් කියා සිටින්නේ කරුණාකර රටේ බෞද්ධ පිහිටීමට අනුවත් ආනන්ද විද්‍යාලය මඟින් ඔබට දුන්න වටිනාකම්වල පිහිටා දසරාජ ධර්මානුකූලව රට පාලනය කරන ලෙසයි. අද ඔබ යන මේ ගමන රට ලැජ්ජාවට පත් කරනවා. මෙමඟින් රටේ ප්‍රතිරූපයට දැඩි හානි ගෙන දෙනවා.

රජය ගෙන ඇති මෙම තීන්දුව නිසා මුස්ලිම් ජනතාව දැඩි අසරණ තත්වයට පත්ව සිටිනවා. එක් මිනියක් වෙනුවෙන් රුපියල් 48,000/- ක් ඉල්ලනවා. එදා වේල සොයාගත නොහැකිව අසරණ තත්වයට පත්ව සිටින දුප්පත් මිනිසුන්ට මෙය විශාල ප්‍රශ්නයක්. මෙය තමන්ට අවශ්‍ය දෙයක් හෝ ආගමට සංස්කෘතියට අදාළ දෙයක් නොවේ.

ලොව පිළිගත් පර්යේෂණ හා විද්‍යාත්මක ක්‍රම මඟින් මෙලෙස භූමදානය නොකළ යුතුයි කියා නිගමනයකට පැමිණ නැහැ. ලොව පිළිගත් ඉහළ පෙළේ විද්‍යාඥයින්, වසංගත රෝග පිළිබඳ අධිකාරිය, මහාචාර්ය මලික් පීරිස් මහත්මයාත්, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලංකාවේ සිටින වසංගත රෝග පිළිබඳ ප්‍රධානීන්, පබා පළිහවඩන මහත්මිය, නිහාල් අබයසිංහ මහත්මයා, පාර්ලිමේන්තුවේ සිටින වසංගත රෝග පිළිබඳ මහාචාර්ය තිස්ස විතාරණ වැනි සියළු දෙනා මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම අපේ රටේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඉහළ පෙළ නියෝජනය කරන මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, වජිර දිසානායක, ශරිෆ් ඩීන් යන මහත්වරු මේ සම්බන්ධව තම ස්ථාවරය පැහැදිළි කරමින් මෙය වැරදි ක්‍රියාවක් බවත් එය විද්‍යානුකූල නොවන බවත් ප්‍රකාශ කොට තිබෙනවා.

මෙවැනි පසුබිමක රජය අත්තනෝමතිකව කටයුතු කිරීම තුළීන් අනවශ්‍ය ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. අද රජයේ ඇතැම් මාධ්‍ය දැඩි මුස්ලිම් විරෝධයක් රට තුළ ඇති කිරීමට උත්සහ ගනිමින් සිටිනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත මුස්ලිම් තරුණ රාජ්‍ය නිලධාරියෙක් මේ පහත් ක්‍රියාවන් ගැන අප සමඟ හැඬූ කදුලින් කතා කළා. අසරණ වී සිටින ජනතාවට උදව් උපකාර කිරීමට ඔහු උත්සහ කළත් ඊට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ හුදෙකලා කළ ගමක පල්ලියේ දායක සභාවේ සාමාජිකයෙකු මා සමඟ ප්‍රකාශ කළේ නිවෙස්වලින් ජනතාව එළියට පැමිණියොත් ඔවුන්ට පහර දෙන ලෙස ඇතැම් අය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවයි. මේ ගැන අපිට හරිම පුදුමයි. ලෙසෙ මුස්ලිම් විරෝධයක් මතු කරන්න හදන්නේ කුමන හේතුවක් නිසාද ? මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? මේ උත්සහ ගන්නේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගන්නද නැතිනම් මේ රටේ ගැටුම් ඇති කර ප්‍රයෝජන ගන්න බලා සිටින බාහිර හස්ථවල අතකොලු වී ඒ අරමුණු ඉටු කරන්නද ?

රජය ගෙන ඇති මෙම තීන්දුව රජය තුළ සිටින බහුතරය අනුමත කරන්නේ නැහැ. වටිනාකම් නොහඳුනන දුරදිග නොබලා කටයුතු කරන අතලොස්සක් පමණක් මෙය අනුමත කරමින් අනවශ්‍ය ප්‍රශ්ණයක් රජ තුළ නිර්මාණය කිරීමට වෙර දරමින් සිටිනවා. එය අප පිළිකුළෙන් යුව හෙළා දකින බව කිව යුතුයි.

මේ අසාධාරණයට විරුද්ධව සාධාරණත්වය අගය කරන සියළුම ජනතාව තම හඩ අවධි කළ යුතුව තිබෙනවා. මෙවැනි තීන්දු තීරණ පිටුපස සිටින අදෘශ්‍යමාන හස්ථය කුමක්ද කියා ජනතාව සොයා බැලිය යුතුයි. දශක 05 ක් අපි ප්‍රචණ්ඩත්වය සමඟ සිටියා. මෙවැනි ක්‍රියා මඟින් අපේ දරුවන්ට නැවතත් ප්‍රචණ්ඩත්වයෙන් යුත් සමාජයක් උරුම කරන්නද මේ උත්සහ ගන්නේ කියන සැකය අද අප තුළ මතුව තිබෙනවා.

උද්ගව තිබෙන මේ අවාසනාවන්ත තත්වය හමුවේ රටේ ප්‍රධාන පෙළේ ආගමික නායකතුමන්ලාගෙන් අප ඉල්ලා සිටින්නේ මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ අසාධාරණයට එරෙහිව තම හඬ අවදි කර සාධාරණය උදා කර දෙන ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නියෝග කළේ පුච්චන්න… අරන් යන්නෙ කූල් කරන්න

Next Post

මේ නත්තලේ මත්පැන් සාද නවත්වන්න… මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලති…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.