විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනා අද දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාර දෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව සියයට 20කින් පමණ විදුලි බිල වැඩිකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංශෝධිත අනුපාත ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීමත් සමග ලංකා විදුලිබල මණ්ඩලය සියයට 25 සිට 35 දක්වා විදුලි ගාස්තු වැඩිවීමක් යෝජනා කරන්නට සැලසුම් කර තිබුණු බව වාර්තා විය.
මෙම ගාස්තු යෝජනා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව එකඟ වූ සූත්‍රයට අනුකූලව සකස් කර මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.







