මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමිකරන්නී ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දියණියකි. ඇය ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග ය.
කෙල්ලගේ ජයග්‍රහණය විශේෂය. ඇය ලංකාවෙන්ම එක වෙන්නේ සිංහල මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගය ලියා නොවේ. ඉංග්‍රිසි මාධ්‍යයෙන් විභාගයට පෙනිසිට ය.
අපොස සමාන්‍ය පෙළ යනු අපේ කඩඉම් විභාගයකි. අනාගත අධ්‍යාපන විෂය ධාරාව තෝරා උසස් අධ්‍යාපනයට මුල්ම අඩිතාලම තෝරන විභාගයකි. උසස් අධ්‍යාපනයක යථාර්ථය වෘත්තීය ගැඹුරක් සහිත වෘත්තිකයෙක් බිහි කිරීමය. එය මේ රටේ අධ්‍යාපනයේ සම්මත රටාවය.
නමුත් මේ විභාගය අසමත්වීම අධ්‍යාපනයෙන් අසමත්වීම නොවේ. දරුවන් වෙනුවෙන් අසීමිත වෘත්තීය පරාසයක් අධ්‍යාපන ලෝකය තුළ නිර්මාණය වෙමින් ඇත. එම වෘත්තීය අධ්‍යාපනය සහිතව ලෝකය පහසුවෙන් දිනාගත් තරුණයෝ ද වෙති. හිරුණි ගැන තබන මේ සටහන මේ ක්‍රමයෙන් ගිලිහී ගිය බව සිතන දරු දැරියන්ට, මේ ක්‍රමය තුළ සාධනීය ජයග්‍රහණ ලබාගෙන ඉදිරිය සැලසුම් කරන දරු දැරියන්ට, අනාගතයේ මේ කඩඉම් විභාගවලට මුහුණ දෙන්නට සිටින දරුදැරියන්ට අනාගත ඉලක්ක සපුරා ගැනීම සදහා වූ අත්දැකීමක් බෙදා දෙනු සඳහා ය. අප හිරුණි සොයා යන්නේ ඇයගෙන් ඒ කතාව අහන්නට ය.
ඇය අපට ඇයගේ කතාව කීවේ මෙසේය.

“මගේ නංගි බුද්ධිනි මලිෂා කුමාරතුංග. එයයි මමයි නිවුන්නු. නංගිත් එක්ක තමයි අධ්‍යාපන කටයුතුවල නිරතවුනේ. අපි දෙදෙනා එකට පාඩම් කළේ. නංගි සහ මම පළමු වසරේ ඉදලා සංඝමිත්තා බාලිකා විද්‍යාලයට තමය අකුරුකිරිමට ගියේ.”
‘නංගිට සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ගැනිමට නොහැකිවුවන් ඇයත් විෂයයන් නමයටම ඒ සමාර්ථ ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ අයුරින් සමත්වුනා. අපි දෙදෙනා නිදිමාරගෙන පාඩම් කළේ නැහැ. රාත්‍රි 9.30 වනවිට නින්දට ගියා. උදේ 5.00ට පමණ අවදිවෙලා පාඩම් කළා. පාසලේ එදිනෙදා පාඩම් වැඩ එදිනෙදා අවසන් කළා. ය සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවුනා.’
‘අතිරේක විෂයයන් වශයෙන් දෙමළ, ඉතිහාසය තාක්ෂණය යන විෂයයන් තමයි කළේ. ඇත්තටම විභාගයට ඉතා සැහැල්ලුවෙන් මුහුණ දුන්නා. පාසලේදි හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතවුනා. ගුරුවරු පාසලේ උගන්වන වෙලාවට හොඳින් අසාගෙන හිටියා. පාසලේ බාහිර වැඩත් කළා. මාධ්‍ය සංගමය, පාසලේ විවාද කණ්ඩායම නියෝජනය කළා. විද්‍යා අංශයෙන්. අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනි සිට වෛද්‍යවරයකු විම තමයි මගේ අනාගත බලාපොරොත්තුව.”
” මේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය ගැන සඳහන් කිරිමේ දි මගේ අම්මාට සහ තාත්තාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ අම්මා සහ තාත්තා තමයි මේ ජයග්‍රහණය ගන්න ගොඩක් උදව් කළේ. මගේ පාසලේ ගුරුවරු හිටපු විදුහල්පතිනිය වන චාන්දනි උඩුකුඹුර වත්මන් විදුහල්පතිනය වන අසේනි පරණවිතාන යන මහත්මින්. මගපෙන්වු සියලුම ගුරු භවතුන් 11 වසරේ පංතිභාර ගුරුතුමිය වන ඩිලිනි විරක්කොඩි ගුරුතුමිය මේ අවස්ථාවේ දි සිහිපත් කරන්නඕන. ”
“මම ඉතා ආසාවෙන් ඉගෙනගත් විෂය තමයි විද්‍යාව. ඒ කාලපරිච්ඡේදය මගහරින්න මම ගොඩක් අකමැතිවුනා. විෂයයන් නමයටම ගොඩක් උනන්දුවුනා. ඉතා ආසාවෙන් වැඩකළා. මගේ මිතුරියන් දෙදෙනකු හිටියා. ඒ දෙදෙනා නංගිට සහ මට ගොඩක් උදව් කළා.” යැයි හිරුණි මල්ෂා දියණිය සදහන් කළාය.





