කීර්ති ප්‍රනාන්දු –
බස්නාහිර පලාතෙන් පසු එන්නත්කරණ වැඩපිළිවෙළ ලබන සතියේ සිට නුවරින් ආරම්භ කරන බවත් රුසියාවේ නිශ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමුව ලැබුණ මුළු තොගයවන මාත්‍රා පනස් දහස එම දිස්ත්‍රික්කය වෙත ලබා දෙන බවත් ජනමාධ්‍ය ඇමති කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේය.
මෙම එන්නත්කරණයෙන් නුවර සුදුසුකම් ලත් ජනතාව මුළුමනින්ම ආවරණය කරන බව අමාත්‍යවරයා නිවේදනය කළේය.
මධ්‍යම පළාතේ ආණ්ඩුකාර කාර්යාලේ දී පැවති කොවිඩ් මර්ධන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය අමතා අමාත්‍යවරයා මේ බව පවසා ඇතැයි අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කීවේය.
කොවිඩ් ව්‍යාප්තිය වැඩිපුරම දක්නට ලැබෙන කුණ්ඩසාලේ, මැද දුම්බර, පාතදුම්බර, මහනුවර නගරසීමාව හ ගඟවට කෝරළය යන ප්‍රදේශවල ජනතාවට මෙම එන්නත ප්‍රමුඛව ලබා දීමට නියමිතය.