අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍යාංශය මෙවර වෙසක් මංගල්‍යය සැමරීම සඳහා නිර්මාණය කරන ලද බතික් වෙසක් කූඩුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අතින් සිදු කෙරිනි.
අරලියගහ මන්දිරයේ දී මෙම පිළිගැන්වීම සිදු විය.
දේශීය අමුද්‍රව්‍ය හා සංස්කෘතික සම්ප්‍රදායන් ඔසවා තබමින් හා බතික් මෝස්තර හා නිර්මාණ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දී එවැනි නිර්මාණ තවතවත් බිහි කරවීමේ අභිලාෂයෙන් මෙම වැඩපිළිවෙළ අරඹුණ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.
මෙම බතික් වෙසක් කූඩුවලින් නරඹන්නන් නොගැවසෙන වෙසක් කලාපයක් ලෙස කොළඹ නගරසභා භූමිය සැරසීමටත් එම කූඩු අන්තර්ජාලය හා විද්‍යුත් මාධ්‍යය ඔස්සේ ජනතාවට දැක බලාගැනීමට සැලැස්වීමටත් බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා කීවේය.