කොවිඩ් වෛරස ආසාදනයට ලක්වූ තමන්ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර රෝහලේ අදාළ වෛද්‍ය උපදෙස් අනුව පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. සමාජ ජාල ඔස්සේ පනිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ රටේ සියලුම ජනතාවට නිවෙස්වලට වී ආරක්ෂාකාරී ලෙස පසුවන ලෙසයි.
තම බිරිඳට රෝග ලක්ෂණ පෙන්වන අතර ඇයට ඒ සඳහා රෝහලේ දී ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවත් මුලින්ම ඇය ආසාදනයට ලක්වීමෙන් පසුව සිදු කරන තමන්ද පීසීආර් පරීක්සණයකට ලක්වූ අතර එහිදී තමන්ද ආසාදිතයකු බවට තහවුරු වූ බව ප්‍රේමදාස මහතා සඳහන් කරයි.