බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහරාන් සහ නවුෆර් මවුලවි සමග සිටි භයානක ත්‍රස්තවාදියා නවුෂාඩ් මවුලවි හමුදා බුද්ධි අංශ සමාජිකයෙක්…

නිතිපති නවුෂාඩ්ව නිදහස් කළා.. නවුෆර් මවුලවි මහ මොළකරු කර ෆයිල් එක වසා දැම්මා... මුජබර් රහුමාන් කියයි..

by editor
අප්‍රේල් 22, 2021
in පුවත්
pasku
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස ආණ්ඩුව හඳුන්වන නවුෆර් මවුලවි හා පාස්කු ප්‍රහාරක සහරාන් සමග එක්ව අන්තවාදය පැතිරවූ  නවුෂාඩ් මවුලවි නැමැති ආගමික අන්තවාදියා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් බවත්, වර්ෂ 2019 අප්‍රේල් මස 21 දා හමුදා බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන අංශය වෙත භාර දුන් එම එම බිහිසුණු අන්තවාදියා නීතිපතිවරයාගේ උපදෙස් පිට නිදහස් කර ඇති බවත් සමගි ජනබලවේග මන්ත්‍රී මුජුබර් රහුමාන් අද පාර්ලිමේන්තුවේ දී හෙළිදවු කළේය.

ඔහු මෙසේ පැවසුවේය.

“  මේ රටේ සිදුවුන අතිශය ම්ලේච්ඡ අපරාධය තමයි පාස්කු ප්‍රහාරය. ඒ සම්බන්ධව අප හැමෝටම බරපතල කම්පනයක් තියනවා. මා දැක්කා අද උදේ සහාරන්ගෙ ෆොටෝ අරගෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු උද්දාමයෙන් ඉන්නවා. ඔබට සහාරාන්ගෙ ෆොටෝ එක යටින් මල් ටිකක් තියන්න තිබුණා. මේ ආණ්ඩුව බලයට එන්න ඉතාම ප්‍රභල විදිහට බලපෑවෙ සහරාන්ගෙ ප්‍රහාරය.“

මේ ප්‍රහාරය එක්ක හමුදා බුද්ධි අංශය විසින් අත් අඩංගුවට ගත්තා පුද්ගලයෙක්. ඔහුගෙ නවුෂාඩ් මවුලවි. එසේ අත්අඩංගුවට ගන්නේ සිද්ධිය වුණු 2019.04.21 දා.  අත්අඩංගුවට අරන් මේ තැනැත්තාව ත්‍රස්ත විමර්ශන අංශයට භාර දුන්නා. ත්‍රස්ත විමර්ශන අංශ නිලධාරීන් ප්‍රශ්න කරලා කරුණු හොයා ගත්තා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඔහු 2017 දි අද මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුන්වන නවුෆර් මවුලවි හම්බෙනවා. එතනැදි ඔහු අන්තවාදී දේශනයක්  දෙනවා. ඔහුට සහරාන් ඇතුළු 20ක පමණ කණ්ඩායමක් එතනදි මුණ ගැහෙනවා. සහරාන් ආරාධනා කරනවා ඔහුට මේ දේශනා ඉදිරියට ගෙනියන්න උදව් කරන්න කියලා.

2019 දීත් නවුෂාන් මවුලවි සහරාන් සහ නවුෆර් මවුලවි එක්ක දේශන ගෙනියනවා. ඒ කරුණු ත්‍රස්ත විමර්ශන අංශය විසින්    උසාවියට  ඉදිරිපත් කළ බී. වාර්තාවෙ තියනවා.

ඒ කරුණු වාර්තාවට පස්සෙ සහරාන්ගෙ මතවාදය ප්‍රචාරය කළ කෙනෙක් ලෙස ඔහුව හඳුනා ගන්නවා. හඳුනාගෙන 2019 10. 14. දින කරුණු සහිතව උසාවියට  ඉදිරිපත් කරනවා. උසාවියෙන් නියෝග කරන්නේ  මොහු අන්තවාදී අදහස් පල කරන භයානක පුද්ගලයෙක්, ඒ නිසා තනිව සිරගත කරන්න කියලා.

එහෙම රිමාන්ඩ් කරලා ඉන්න වකවානුවේ  ජනාධිපති මැතිවරණය තියනවා. අපි පරාද වෙනවා. අලුත් අය එනව. මේ රජය බලයට පත්වූ දා සිට  2020.09. 31 දින වෙනකම් මේ පුද්ගලයා ගැන කරන සියලු විමර්ශන නවතිනවා. ඒ අනුව ඔහු සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට ගෙනිච්චෙ නෑ.

මේ අතර 2020.09.18 දා නීතිපති තුමා, දප්පුල ද ලිවේරා මහත්මයා බී15757/19 ලේඛනය මගින්  ඉල්ලීමක් කරනව ත්‍රස්ත විමර්ශන අංශයෙන් මේ පුද්ගලයා සම්බන්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බව.

මේ තැනැත්තා සහරාන් සමග දේශන පැවැත්තුවා. මහමොළ කරු කියලා ආණ්ඩුවම කියන නවුෆර් මවුලවි එක්ක ගනුදෙණු කළා  සොයාගත්තු චෝදනා ගොනු කර තිබෙද්දි 2020. 9.18 මේ පුද්ගලයා නිදහස් කරන්න කියලා ලියුමක් යවනවා.“

මේ තැනැත්තා 2020 .7. 10 දා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන් හමුදා බුද්ධි අංශ සමාජිකයෙක් කියලා පිළි අරන් තියනවා. අනික් පැත්තෙන් ත්‍රස්ත විමර්ශන අංශය හොයාගෙන තියනවා මේ තැනැත්තා ත්‍රස්තවාදියෙක්. ඔහු සහරාන් සහ නවුෆර් මවුලවි සමග සම්බන්ධයි කියලා.  මේ චෝදනා තියෙද්දි ඔහුව නිදහස්  කරන්න නීතිපතිවරයා උපදෙස් දෙනවා.   නවුෆර් මවුලවි මහ මොළකරු කියලා ෆයිල් එක වහනවා.

ත්‍රස්ත විමර්ශන අංශ   ත්‍රස්තවාදියෙක් කියලා හොයාගෙන තියෙන අපරාධකරුවෙක් නිදහස් වෙද්දි අයි.එස්.අයි.එස්. මතවාදයට එරෙහිව කවි ලියපු උන් හිරේ…   මේ ෆයිල් එක ආණ්ඩුව විසින් වැහුවා. මේක ඇරලා තිබුණොත් එළියට එන්නේ නොහිතපු දේවල්.

මන්ත්‍රීවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බලහත්කාර ඉන්දීය ධීවරයින්  නොකඩවා අත්අඩංගුවට ගන්නවා – ධීවර ඇමති

Next Post

හිටපු ජනාධිපති රෝයල් පාර්ක් මිනීමරුවා නිදහස් කළේ අල්ලසක් අරන්ලු…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.