සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලහත්කාර ඉන්දීය ධීවරයින්  නොකඩවා අත්අඩංගුවට ගන්නවා – ධීවර ඇමති

by editor
අප්‍රේල් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීමේ ප්‍රශ්නය ස්ථිර වශයෙන් විසඳා ගන්නා තුරු දැනට ඇති එකම විකල්පය වන්නේ ඔවුන්ව අත් අඩංගුවට ගැනීම පමණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධීවර සමීති නියෝජිතයින්ට 21 දා ප්‍රකාශ කොට තිබේ.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ඉන්දියාවේ ධීවරයින්ට මසුන් මැරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් සකස් කොට දෙන බවට පලවන තොරතුරු වල කිසිම සත්‍යතාවයක් නොමැති බවයි.

”ඉන්දියාවේ ධීවරයින්ට උතුරු මුහුදේ මසුන් මැරීම සඳහා විශේෂ බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යන බවට විශාල ආරංචියක් පැතිර යනවා. නමුත් මේක එක් ධීවර සමාගමක් විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවක් මිස අපි  ගත් තීරණයක් නොවෙයි. ඒ ධීවර සමාගම විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාවේ සඳහන් වන්නේ ඉතා විශාල මුදලක් අයකොට ඉන්දීය ධීවරයින්ට බලපත්‍ර ලබා දීමෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වනවා සේම රටට විශාල ආදායමකුත් ලැබෙන බවයි. නමුත් අපි මේ යෝජනාව ගැන තවම කිසිම සැලකිල්ලක් දක්වා නැහැ.“

“ මම මීට පෙරත් උතුරේ ධීවර සමීති වලට පොරොන්දු වූයේ මේ ප්‍රශ්නය මේ වසර අවසන් වන විට කෙසේ හෝ සාකච්ඡා කොට විසඳා ගැනීමට උත්සාහ කරණ බවයි. ඒ සඳහා විවිධ මට්ටමින් දැනටත් සාකච්ඡා පැවැත්වෙනවා. නමුත් ඉන්දීය ධීවරයින් නිරන්තරයෙන්ම උතුරු මුහුදට පැමිණ මසුන් මැරීමේ කටයුතු සිදු කරනු ලබනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගන්නා තුරු කළ හැකි එකම දේ වන්නේ නාවික හමුදාව ලවා අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් මරණ ධීවරයින්ව අත්අඩංගුවට ගැනීම පමණයි. රජයේ මැදිහත්වීම මත නාවික හමුදාව ඒ කටයුතු ඉතා මැනවින් කරගෙන යනවා.

ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට පත් වූ පසුව කටයුතු සිදුවන්නේ ධීවර පනතට අනුවයි. ඒ වගේම රටවල් දෙක අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම් මිත්‍රශීලීභාවය වැනි කරුණුද මෙහිදී බල පැවැත්වෙනවා.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නය විසඳීම සඳහා රජයක් වශයෙන් හා අමාත්‍යංශයක් වශයෙන් ගන්නා හැම තීරණයක්ම දේශීය ධීවරයින්ට හා ධීවර සංගම් නියෝජිතයින්ට දැණුම් දෙනු ලබනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සරසවි විවෘත කිරීම තවත් සති දෙකකින් කල් යයි…

Next Post

සහරාන් සහ නවුෆර් මවුලවි සමග සිටි භයානක ත්‍රස්තවාදියා නවුෂාඩ් මවුලවි හමුදා බුද්ධි අංශ සමාජිකයෙක්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.