හෙට (03) සිට වී මිලදී ගැනීම සඳහා රජය විසින් ය වී සඳහා සහතික මිලක් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක්, කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132ක් රජය විසින් නියම කර ඇත.
මේ සම්බන්ධව අනාවරණය කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති බවත් එසේ ආනයනය කරන්නේ අස්වැන්නේ අඩුවක් තිබුණහොත් පමණක් බවත්ය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද කීවේය.
හෙට සිට වී මිලදී ගැනීමේ කටයුතු රජය ආරම්භ කරනවා. අප ලබා දෙන සහතික මිල නාඩු සඳහා රුපියල් 120යි. සම්බා සඳහා රුපියල් 125යි. කීරි සම්බා සඳහා රුපියල් 132යි.
මේ මිල ගණන් යටතේ වී අස්වනු නෙලෙන ප්‍රදේශවල වී මිලදී ගැනීමට රජය කටයුතු කරනවා. වී ගබඩා ප්‍රතිසංස්කරණය කරලා, ගබඩා සුද්ද කරලා සහතික මිලක් නියම කරලා වී රජයට ලබා දෙන්න කරන ඉල්ලීම රජයට කරන්න පුලුවන්. ඒක අපි කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්.
ජාතික සංචිතයක් ගොඩ නගා ගන්න රජය විසින් මුදල් වෙන් කරලා වී මිලදී ගැනීම සිදුකරනවා. ගොවීන්ගේ යුතුකමක් රජයට වී ලබා දෙන එක. පසුගිය මහ කන්නයේ දී ප්‍රමාණවත් තරම් වී රජයට ලැබුණෙ නෑ. ඒක ඇත්ත. හැබැයි මේක ක්‍රමානුකූලව වැඩි වෙයි.
කීරි සම්බා සම්බන්ධ ප්‍රශ්නයක් තියනවා. පහුගිය කන්නයේ දී පැවති අධික වැස්ස නිසා අස්වැන්න අඩු වීමෙන් ප්‍රශ්නයක් ආවා. ඒ නිසා මෙවර කීරි සම්බා වගා කිරීමේ යම් අඩුවක් තියනවා. අස්වනු මිලදී ගැනීම පෞද්ගලික අංශය දැන් ආරම්භ කරලා තියනවා. රජය හෙට ආරම්භ කරනවා. ඒ අස්වනු ලබන ප්‍රමාණය අනුව කීරි සම්බා කොපමණ ප්‍රමාණයක් ලැබේවිද කියන එක මත සහල් ආනයනය කරන්න අපට තීරණය කරනවා. අපි තීන්දුව අරන් තිබෙන්නේ අස්වැන්නේ අඩුවක් තිබුණොත් ආනයනය කරන්න. ඒ තීන්දු ගන්නේ අස්වැන්නේ ප්‍රමාණය මත.







