හවුති කැරළිකරුවන් විසින් සවුදි අරාබියට එල්ලකල ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යාර්ථ කිරීමට එල්ල කල ප්‍රතිප්‍රහාරයකදි ශ්‍රී ලාංකිකයෙකු ඇතුලු 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යේමන – සවුදි දේශ සීමාව ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සවුදි වාර්තාවල දැක්වේ. තුවාල ලැබූවන් අතර බංග්ලාදේශ – නේපාල – ඉන්දීය – පිලිපීන සහ සවුදි ජාතිකයෝ ද වෙති.
සවුදියේ අබා ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් හවුති කැරළිකරුවන් විසින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබිණි.
( නිවුස් රේඩියෝ )







