කැනඩාවට සංක්‍රමණය වීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කෙරෙන වංචා සහගත ප්‍රචාරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය අනතුරු ඇඟවීමක් කර තිබේ
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය කියා සිටින්නේ “Government of Canada recruitment campaign 2022” ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන දැන්වීම් අසත්‍ය බවයි.
බඳවා ගැනීම් හරහා ක්ෂණික රැකියා බලපත්‍ර ලබාදීමට මෙම වංචාකරුවන් පොරොන්දු වන බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රචාරණය අසත්‍ය බව නැවත අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය මහජනතාවට අවවාද කරන්නේ සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් මූල්‍ය වංචා සහ ආගමන වංචාවලින් ආරක්ෂා වන ලෙසත්ය.
මහ කොමසාරිස් කාර්යාලය විසින් මාර්ගගත සංක්‍රමණ වංචාවන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පහත සබැඳිය ද නිකුත් කර ඇත: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/protect-fraud.html