සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ව පාක්ෂික ආණ්ඩුවෙන් පසු  පක්ෂයේත් විපක්ෂයෙත් බලය පොහොට්ටුවට?

සජිත්ගේ විපක්ෂ නායක  තනතුරටත් තට්ටුවෙන ලකුණු...

by editor
අප්‍රේල් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යෝජිත අන්තර්වාර පාලන  ආණ්ඩුව පිහිටුවීමට කෙරෙන සැලසුමත් සමග පාර්ලිමේන්තුවේ    පක්ෂ විපක්ෂ බල ආධිපත්‍යම පවතින ආණ්ඩුවට හිමි වීමේ නැඹුරුවක් ගැන අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ ඇගමැතිවරයා සහ ජනාධිපතිවරයා සිටින රජයක් තුළ අන්තර්වාර පාලනයක් සඳහා නිරීක්ෂණ මට්ටමින් හෝ එක්නොවන බවට පාර්ලිමේන්තු ආසන තුනක් සහිත ජාතික ජන බලවේගය සිය ස්ථාවරය පල කර ඇත.

ඊයේ නුවර දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්  ආණ්ඩුව විසුරුවා හැර පිහිටුවන සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට   සමගි ජන බලවේගයේ  සහාය නොලැබෙන බව ප්‍රකාශ කර තිබිණි.

රජයට එරෙහි විශ්වාසභංගයක් සම්බන්ධයෙන් හෝ ස්ථාවර තීන්දුවක නොසිටි  ටී.එන්.ඒ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධව සිය ස්ථාවර මතය පැහැදිලි කර නැත.

මේ වන විට පවතින රජයට සහාය පළ කළ සුළු පක්ෂ 11කින් සමන්විත කණ්ඩායමක් 39කින් සමන්විත ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය රජයට සහාය දැක්වීමෙන් ඉවත් කරගෙන අත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන්ගේ ප්‍රමුඛ යෝජනාව වී ඇත්තේ, පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම සහ මේ වන විට සමාජයේ උද්ගත ව ඇති ආණ්ඩුවට එරෙහි බරපතළ විරෝධය සමනය කරගැනීම සඳහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බව යි.

මේ අතර, රජයේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්   වහා ම අග්‍රාමාතය්වරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර රජයක් පිහිටුවන ලෙස බලකරමින් ඇත.

මෙම කණ්ඩායමට ඊයේ දිනයේ තවත් ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයන් පිරිසක් එක් වු අතර ඔවුන්ගේ ද එක ම ඉල්ලීම වන්නේ ද අග්‍රාමත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු  කිරීමය.

ජනාධිපතිවරයා සර්ව පාක්ෂික රජයකට සිය කැමැත්ත ප්‍රකාශ කරමින් සියලු පක්ෂ නායකය වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගනු ලැබුවේ මෙම මන්ත්‍රී කණ්ඩායමත් සමග  සාකච්ඡාවකට ද එක් වීමෙන් අනතුරුව යි.

මේ පසුබිමේ දී  පාර්ලිමේන්තුව තුළ අන්තර්වාර පාලනය බිහිවනු ඇත්තේ අගමැති මහින්ද රාජජපක්ෂ නැති, එහෙත් ආන්ඩුවෙන් විසිරී ගිය දේශපාලන පක්ෂ යළි එක් වීමෙන් බව එම ආරංචි මාර්ග කියයි.

වාර්තාවන ආකාරයට අන්තර්වාර පාලනයේ අගමැතිවරයා ලෙස යෝජනා වී ඇත්තේ   පොහොට්ටුවේම සමාජිකයෙකි.  පවතින නෛතික රාමුව තුළ  ඔහු අගමැති ධූරයට පත් වන්නේ  ජාතික අරමුණක් වෙනුවෙන් පිහිටුවන  ජාතික ආණ්ඩුවක් සඳහා වූ අන්තර්වාර පාලන  රජයක බැවින් ඔහුගේ පක්ෂ මූලය අග්‍රාමාත්‍ය ධූරයට අදාල වන්නේ නැත.

ඒ සමගම පොහොට්ටුවේ  හැටකට ආසන්න    කණ්ඩාමක්  හිටපු අගමැතිවරයා සමග විපක්ෂයේ අසුන් ගැනීමට ඇති සූදානමක් සම්බන්ධව ද මත පලවෙමින් ඇත.

මේ තත්වය තුළ දැනට පාර්ලිමේන්තු ආසන 47ක් සහිත සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය විපක්ෂයෙන් අයින් වීමටත්, සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධුරය අහිමි වීමටත් පක්ෂ විපක්ෂ සර්ව බලය සහිතව පොහොට්ටුවේ බලය පාර්ලිමේන්තුව තුළ පැතිරීමටත් ඇති ඉඩ දේශපාලන ක්ෂේත්‍රයේ සංවාදයට බඳුන් වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව ලෝකයෙන් භාගයකටම සහල් දෙයි

Next Post

ගෝල්ෆේස් තරුණ තරුණියන් නිසා පොලිසියට බර වියදම්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.