අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සයිප්‍රසයේ කොන්සල් කාර්යාලය වසා දැමීමේ තීරණය යළි සලකා බලන්න… ජවිපෙ අගමැතිගෙන් ඉල්ලයි!

by editor
දෙසැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තානාපති සේවයක අවශ්‍යතාවය ඍජුවම පැනනැගී ඇති රටක්වන සයිප්‍රසයේ සිටින ශ්‍රී ලාංකිකයන් බරපතල අර්බුදයකට හෙලූ තීරණයක්වන සයිප්‍රස් කොන්සල් කාර්යාලය වියදම් සීමා කරගැනීමේ පදනම මත වසා දැමීම සම්බන්ධව යළි සලකා බලන්නැයි ජනතා විමුක්ති පෙරමුණ අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙතිත් විසින් අගමැතිවරයා වෙත මෙම ලිඛිත ඉල්ලීම සිදුකර ඇත.

එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

පසුගිය දෙසැම්බර් 16 දින මාධ්‍ය වාර්තාකර සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් විදෙස් රාජ්‍යයන් 3ක් තුළ, එනම් සයිප්‍රස්, නයිජීරියා හා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හි පවත්වාගෙන යනු ලැබූ තානාපති / කොන්සල් කාර්යාලය 3ක් වසා දැමීමට තීරණය කොට ඇති බවය.

මෙම තීරණයට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ වියදම් කපා හැරීමේ අවශ්‍යතාවයයි.
රටක් ලෙස මෙවන් තත්වයකට පත්වීමට සිදුවීම පිළිබඳව අප කණගාටුවට පත්වන බව මුලින්ම ප්‍රකාශ කර සිටිමු. එමෙන්ම මෙහිදී අප වඩාත් අවධානය යොමු කරන කාරණයක් වන්නේ සයිප්‍රසයේ කොන්සල් කාර්‍යාලය වැසීම පිළිබදවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සයිප්‍රසයේ සේවය කළ හය දහසක් (6000ක්) පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දායක වූ එරට ‘සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල’ (Cyprus Social Security Fund) එම ලාංකිකයන්ට ලබා ගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දී ඇත. ඇතැම් ශ්‍රී ලාංකිකයන් හට රුපියල් ලක්ෂ 50-60 වැනි මුදලක් ලංකාවට ගෙන්වා ගත නොහැකිව ඇත. මේ තත්වයට හේතුව වී ඇත්තේ අදාල රට තුළ ක්‍රියාත්මක නීති රීති වන අතර මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මැදිහත්වීම කරමින් සිටියේ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්‍යාලයයි.

කෙසේ වෙතත් සයිප්‍රසයේ පැවති මෙම කොන්සල් කාර්‍යාලය වසා දැමීම මෙම ක්‍රියාවලියට මහත් බාධාවක් එල්ල කරන බවත්, එරට දැනටමත් සේවය කරන ලාංකිකයන් තානාපති සේවය ලබාගැනීමේ දී බරපතල ගැටළු රැසකට මුහුණ දීමට ඉඩ හැරීමක් බවත් අවිවාදිතය.

රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගැනීම අත්‍යවශ්‍ය හා විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට බලපෑමක් වන රටක රාජතාන්ත්‍රික සබඳතා මෙලෙස නවතා දැමීම සාධාරණ නොවේ. එමෙන්ම එම තීරණය හේතුවෙන් ඉහත කී සමාජ ආරක්ෂණ අරමුදල ලබා ගැනීම සඳහා මැදිහත් වන ගිණුම් හිමියන් දැඩි දුෂ්කරතාවකට පත්වන බව නොඅනුමානය. එබැවින් මේ පිළිබඳව අවධානය යොමුකොට සයිප්‍රසයේ රාජතාන්ත්‍රික ගනුදෙනු සඳහා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා කොන්සල් කාර්‍යාලය වසා දැමීමේ තීරණය යළි සළකා බලන ලෙස ඉල්ලා සිටිමු.

එසේ නොමැතිනම්, එකී සමාජ ආරක්ෂණ අරමුදල පිළිබඳව කටයුතු කිරීම සඳහා විදෙස් කටයුතු අමාත්‍යාංශය තුළ හෝ නිළධාරියෙකු පත්කොට පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටිමු.

ස්තූතියි.
මෙයට විශ්වාසී
සුනිල් හඳුන්නෙත්ති
දේශපාලන මණ්ඩල සභික, ජනතා විමුක්ති පෙරමුණ

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිරුපති දේවාලයේ දී  අගමැතිවරයාට වේද ගායනා මැද කළ විශේෂ පූජාව!

Next Post

ජනවාරි මැද සිට විදුලි කප්පාදු අනතුරක් – හිටපු විදුලිබල ඇමති චම්පික කියයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.