මේ වනවිට කර ඇති නිරීක්ෂණවලින් පෙනන ආකාරයට එස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍ර පරිසරයේ ජීවීන්ට විශේෂ බලපෑමක් සිදු වී ඇතැයි තහවුරු වන සාධක මතුනොවන බව නාරා ආයතනයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
කෙසේ වෙතත් නෞකාවේ සුන්බුන් හා දැවි කොටස් හේතුවෙන් වෙරළ පද්ධතිය වත්තල සිට මීගමුව තෙක් විහිදෙන වෙරළ කලාපයට දැඩි පරිසර හානියක් සිදු වී ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ගිනිගනිමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදට වැටී වෙරළ තීරයට ගොඩ ගසා තිබූ සුන් බුන් ඉවත් කිරීමේ කටයුතු නාවික හමුදා නිලධාරීහු අද පෙරවරුවේ ආරම්භ කළහ.
කොළඹ සිට මීගමුව දක්වා වෙරළ තීරයට ගොඩගැසෙන එම විෂ සහිත අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් 250 ක පමණ පිරිසක් යොදවා ඇතැයි ද නාවික හමුදා ආරංචි මාර්ග කීවේය.
