වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (27) සිට බලාත්මක වුනේය.
ඒ පසුගිය 20 වැනිදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණු කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානායකවරයා අද අත්සන් තැබීමෙන් පසුය.
අද (27) සිට බලාත්මක වූ පනත් කෙටුම්පතට එක් වූ සංශෝධන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ඇතුළත් කර පනත් කෙටුම්පත නැවත සකස් කරනු ලැබීමෙන් පසු ඊට කතානායකවරයා අත්සන් කළේය.