පොලිසියේ ඕ.අයි.සී මහත්මයා සමග එකට අරක්කු බී පොලිසියට පාට් දමන බේබදු රියදුරෙක් සම්බන්ධව සමාජ මාධ්‍යය ඔස්සේ රටම කැළඹවූ වීඩියෝවට අදාල සිද්ධිය මාස හයකට පමණ පෙර සිදුවූවක් බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සිදුවී තිබෙන්නේ වර්ෂ 2021 ජූලි මාසයේ දිනයක දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේදී ය.
මෙම පැරණි වීඩියෝව හුවමාරුවීමේ සිදුවීම සම්බන්ධව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව අනතර්හුවමාරු මධ්‍යස්ථානයේ පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයා සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
බීමත් රියදුරා සමග එකට බිව්ව පොලිස් ස්ථානාධිපතිට එරෙහිව මේ වනවිට විනය පරීක්ෂණයක් ද සිදුකර තිබෙන බව පොලිසිය කියයි.