බොහෝ සමාජ මාධ්‍ය ඔස්සේ කාලගුණ තත්ත්වයන් පිළිබඳ තොරතුරු හුවමාරු වන බවත්, එම තොරතුරු මත නොපිහිටා ඕනෑම තත්ත්වයක් තහවුරු කරගැනීම සඳහා 117 දුරකථනය ඔස්සේ සම්බන්ධවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිල්ලි ඉල්ලා සිටී.
දුරකථනයේ සංඥා නොතිබුණ ද පැය 24 පුරාම නොමිලයේ භාෂා ත්‍රිත්වයෙන්ම 117 දුරකථන අංකයට සම්බන්ධ වී තොරතුරු ලබා ගත හැකි බව ඔහු අවධාරණය කරයි.
මෙම දුරකථන අංකය ඔස්සේ දැනට ඇමතුම් 140000ක් ලැබී ඇති බවත්, එම ඇමතුම් සඳහා නිශ්චිත ප්‍රතිචාර දක්වා ඇති බවත් ප්‍රදීප් කොඩිප්පිලි පෙන්වා දෙයි.







