සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

by editor
දෙසැම්බර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වය  සඳහා එම පක්ෂය අයදුම්පත් කැඳවීමත් සමගම එම්.ඒ.සුමන්තිරන් හා එස්.ශ්‍රී ධරන් යන මන්ත්‍රීවරු දෙදෙනා ඒ සදහා 3 දා ඉල්ලුම් පත් බාර දී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රී වරයා ලබන වසරේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් නිසා  ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ    මී ළග නායකත්වයට අයදුම් පත් කැදවා තිබේ. 

එක් අයදුම් පතක් පක්ෂයේ නිත්‍ය සාමාජිකයින් 6 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවකගේ අනුමැතියෙන් හා යෝජනා ස්ථිරත්වයෙන් යුතුව ඉදිරිපත් කළ යුතු බවට පක්ෂයේ ලේකම් පී. සත්‍යලිංගම් විසින් නිවේදනය කොට තිබේ. 

ඒ අනුව සුන්මන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අයදුම්පතට නිත්‍ය සාමජිකයින් 12 දෙනෙකුගේ නිර්දේශ අනුමැතිය හා යෝජනා ස්ථිරත්වය ලැබී ඇති අතර ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාට   නිත්‍ය  සාමාජිකයින් 6 කුගේ අනුමැතිය ලබා දී තිබේ.

අයදුම්පත් ඉදිරිපත්කොට ඇති  මන්ත්‍රිවරුන් දෙදෙනාගෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා කොළඹ ප්‍රදේශයෙන් උතුරට පැමිණි අයෙකු වන අතර එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කිළිනොච්චියේ  ඉපිද ඒ පළාතේම    ජීවත් වන අයෙකි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ නිසා සුමන්තිරන් මන්ත්‍රීවරයාට වඩා වැඩි වාසියක් ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට ඇති බව දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහා නව නායකයෙකු පත් වීමෙන් පසුව සමස්ත දෙමළ ජාතික සන්ධානයේ නායකයා කවුරුන්දැයි යන්න පසුව තීරණය කරනු ලබයි. 

කෙසේ වෙතත් එලඹෙන ජනවාරී මාසයේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව වවුනියාවේදී රැස්වීමට නියමිත අතර එම රැස්වීමේදී පක්ෂයේ නව නායකයා තෝරා ගැනීමටද නියමිතව ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

Next Post

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි 02ක් ගලවා ගත් මෙහෙයුම….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.