සඳුදා මධ්‍යම රාත්රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩුකිරිමට තීරණය කර ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.
අඩුවන මිල කොපමණ යන්න පිලිබද සඳුදා මධ්‍ය රාත්‍රියෙන් පසුව ප්‍රකාශ කරන බවද හෙතෙම පවසයි.
පසු ගිය මාසයේ හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව ලෝක වෙළඳපලේ ඇතිවන මිල උච්චාවචනයන්ට සමගාමීව මෙම මිල අඩුවීම සිදුවන බව හෙතෙම කියයි.
වෙළඳපලේ මේ වන විට ගෘහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂ 50ට අධික ප්‍රමාණයක් දිවයින පුරා බෙදා හැර ඇති බවත් අද වන විට සියලුම නියෝජිතයින් ළඟ ගෑස් සිලින්ඩර් තිබෙන බවත් සභාතිවරයා පැවසීය.
විදේශයන් හි සිටින ශ්‍රි ලාංකිකයන් හෝ විදේශිකයන්ට මෙරට සිටින තම හිතවතුන් සඳහා ඩොලර් වලින් මුදල් ගෙවා ගෑස් සිලින්ඩරයක් ඇනවුම් කර දීමේ ඇප් එකක් හඳුන්වා දීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.
ඩොලර් 15 වැනි මුදලක් ගෙවා ගෑස් සිලින්ඩරය ලබා ගත හැකි බවත් මෙමගින් රටට අවශ්‍ය ඩොලර් සංචිත වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා කීවේය.







