සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සඳගල හොරා ගත් පුරාවස්තු හොරු සමග හෙළුවෙන් සිටින නුවර පොලිසිවලින් විමර්ශන ගැලවේ… ඉදිරි විමර්ශන CIDය ට..

පුරාවස්තු හොරු රකින්නට කටයුතු කළ ඕනෑම නිලධාරියෙකුට තරාතිරම නොබලා විනයානුකූල පියවර ගන්නැයි පොලිස්පති නියෝග කරයි...

by editor
ජනවාරි 3, 2023
in පුවත්
සොරකම් කිරීමට පෙර  පුරා ස්මාරකය සහ එය ගලවාගෙන ගිය පසු...

සොරකම් කිරීමට පෙර පුරා ස්මාරකය සහ එය ගලවාගෙන ගිය පසු...

Share on FacebookShare on Twitter

කුණ්ඩසාලයේ උඩ මළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ “සඳගල“ ඓතිහාසික පුරා ස්මාරකය ගලවාගෙන ගොස් ඇති ප්‍රධාන සැකකරුවන් තිදෙනාම හඳුනාගෙන තිබියදීත් ඔවුන්ට වාසිදායක ලෙසින් ක්‍රියා කරන පොලිස් නිලධාරීන් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන්ද විමර්ශනය කර ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නියෝග කර ඇති පොලිස්පතිවරයා අදාළ විමර්ශන මහනුවර පොලිසියෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තකුව වෙත භාර දීමට පියවර ගෙන ඇත.

සඳගල ගෙනියන හොරු… ඩිෆෙන්ඩර් රථය සහ බූම්ට්‍රක් රථය සීසීටීවී කැමරාවල පෙනුන ආකාරය…

මේ වනවිට මීට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනා කවුදැයි හදුනාගෙන සිටින පසුබිමක ඔවුන් අත්අඩංගුවට නොගෙන විමර්ශන වෙන අතකට යොමු කරන නිලධාරීන් කණ්ඩායමක් මහනුවර සහ පල්ලෙකැලේ පොලිසිවල සිටින බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ  සංස්කෘතික අමාත්‍යාංශය ද මේ පිළිබඳව තොරතුරු පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති බව පුරා විද්‍යා ආරංචි මාර්ග සඳහන් කරයි

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර පැමිණ අදාළ විමර්ශන සිදු කිරීමට නියමිතය.

ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන පුරා වසර 32 ක් රජකළ සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටි බවට සැලකෙන මෙම ස්ථානයේ තිබූ මෙම පුරාවිදද්‍යාස්මාරකය පසුගිය (14) දා අළුයම ගලවාගෙන ගොස් ඇත්තේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවන් තිදෙනෙකුගේ මැදිහත්වීමෙන් බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

මෙම අපරාධය සඳහා ඩිෆෙන්ඩර් ජීප් රථයක් සමඟ බූම් ට්‍රක් රථයක් පැමිණෙන ආකාරය සීසීටීවීකැමරා කිහිපයක සටහන් වී ඇති අතර එම ඩිෆෙන්ඩර් රථය හිමිකරු මහනුවර ප්‍රබල දේශපාලන බලවතකු සමීපයේ සිටින පුද්ගලයකුගේ  බවත් එම රථය ලියාපදිංචි කර ඇත්තේ ඔහුගේ දියණියගේ නමට බවත් හෙලි කරගෙන තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අපරාධය පසුපස සිටින අනෙක් පුද්ගලයා කලක් පලතුරු ව්‍යාපාරයක යෙදී සිටි අයෙක් බව බුද්ධි තොරතුරු අනාවරණය කර ඇත. තුන්වැන්නා මත්ද්‍රව්‍ය ජාවාරමට ඍජුව සම්බන්ධකම් ඇති පුද්ගලයෙකි.

කෙසේ වෙතත් මේ විමර්ශනයට සම්බන්ධ වි සැකකරුවන් වසන් කරමින් සිටින යම් පොලිස් නිලධාරියෙක් වේ නම් ඔවුන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිස්පතිවරයා සූදානම් බව ද දැනගන්නට ඇත.

Share69Tweet43
Previous Post

බිත්තර ආනයනයට ගත්ත තීන්දුව අතාර්කිකයි… මුග්ධයි… විද්වත්හු කියති!

Next Post

දළයි ළාමාතුමන්ට ලැබුණු ලංකා ගමන් ආරාධනාව!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.