සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිත්තර ආනයනයට ගත්ත තීන්දුව අතාර්කිකයි… මුග්ධයි… විද්වත්හු කියති!

by editor
ජනවාරි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • අපි ගල් අඟුරු ගෙන්වන්න වියදම් කළා වගේ දෙගුණයක් සත්ත්ව නිශ්පාදන ගේන්න වියදම් කළ ඉතිහාසයක් ඇති රටක්… මහාචාර්ය වසන්ත අතුකෝරල…

විනියම සංචිත බිඳ වැටී රට තුළ ගෙවුම් ශේෂය බරපතල අර්බුදයක් පවතින අවස්ථාවක බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇත්තේ ඉතාම අදූරදර්ශී තීන්දුවක් බව ආර්ථික විද්වත්හු පෙන්වා දෙති.

මේ සම්බන්ධව අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ යම් භාණ්ඩයක මිල විවිධ කාලවකවානුවල සිදුවන මිල උච්ඡාවචනයට පිළිතුර එම භාණ්ඩ ආනයනය කිරීම නොව, එම තත්ත්ව රට තුළ කළමනාකරණය කරගැනීමට අවශ්‍ය කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් බවය.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ 2020 වසර තුළ පමණක් මේ ආකාරයට බිත්තර ආනයනය සඳහා ඩොලර් පනස් දහසකට ආසන්න මුදලක් වැය කර තිබුණු බවය.

2021 වසර තුළ පමණක් සමස්ථයක් වශයෙන් සත්ත්ව නිශ්පාදන රට තුළට ගෙන්වීමට මේ රට වියදම් කළමුළ ඩොලර් මිලියන 420ක් බවත් එය රටේ ගල් අඟුරු ආනයනයට වැය කළ මුදලට වඩා දෙගුණයක විනිමය ප්‍රමාණයක් බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඔහු පෙන්වා දෙන්නේ මේ සියලුම නිශ්පාදන රට තුළ කළ හැකි බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ වැඩපිළිවෙළක් පමණක් බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ රටේ යම් භාණ්ඩයක හිඟ වුනොත් ආණ්ඩුව ඒ භාණ්ඩය කරන්නේ ආනයනය කිරීම. ඉන් දේශීය නිශ්පාදකයන්ට ඇතිවෙන්නේ ඍණ බලපෑමක්. එයින් කිසිම ආකාරයකට . දේශීය නිශ්පාදනය ප්‍රවර්ධනය කිරීම වෙන්නෙ නෑ.“

“ සැපයුමේ උච්චාවචන පාලනය කිරීමට යම් වැඩපිළිවෙළක් ඕන. මෙවැනි තත්ත්වයක් තුළ බිත්තර ආනයනය කිරීම නෙමෙයි කළ යුත්තේ. දේශීය නිශ්පාදන වැඩිකිරීමට කටයුතු කිරීම.

“ මොකද අපි ඉන්නේ බරපතල ගෙවුම් ශේෂ අර්බුදයක. රටේ විනිමය සංචිත බිඳවැටිලා. එහෙම වෙලාවක බිත්තරත් රටින් ගෙන්වන්න ඩොලර් වියදම් කිරීමට ගන්න තීරණය කිසිසේත් ආර්ථික වශයෙන් යහපත් එක්කක නෙමෙයි.“ මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව ජාතික සත්ව නිෂ්පාදකයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික ලංකාසරට අදහස් දක්වමින් පැවසුවේ මේ සිදුකරන අදූරදර්ශී තීන්දුව හුදු ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ගේ ආර්ථික ලාභය වෙනුවෙන් අගාධයට වැටුණු රටක් තවදුරටත් විනාශ කරන ආකාරයේ තීන්දුවක් බවය.

මේ බිත්තර ආනයනය සඳහා වැය කරන මුදල රටේ සත්ත්ව නිශ්පාදනය කරන ගොවි ප්‍රජාව සංවර්ධනය සඳහා යෙදවීමට තරම් මේ ආණ්ඩුවට මොළය පෑදේ නම් තව සති කීපයකින් මේ ප්‍රශ්නය විසඳෙනවා පමණක් නොව කර්මාන්තය ස්ථාවර වෙන බවත් පෙන්වා දුන්නේය.

මේ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කර බිත්තර ආනයනය සිදුකරනු ලැබුවහොත් මේ රටේ බිත්තර කර්මාන්තය යළි හිස එසවිය නොහැකි සේ බිඳ වැටෙන්නට නියමිත බවත් ඔහු පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන බද්ද වැඩිවෙයි… මිල සූත්‍රයට අනුව ඉදිරියේ දී ඉන්ධන මිල සංශෝධනය වෙයි…

Next Post

සඳගල හොරා ගත් පුරාවස්තු හොරු සමග හෙළුවෙන් සිටින නුවර පොලිසිවලින් විමර්ශන ගැලවේ… ඉදිරි විමර්ශන CIDය ට..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.