සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සතියකින් මහවැලි වතුර නොලැබුනොත් අටමස්ථානයටත් වතුර නෑ… අනුරාධපුරය ජල ප්‍රශ්නය උග්‍ර වෙයි…

තීරණයක් නොගත්තොත් අනුරාධපුරය ජල පාරිභෝගිකයන් 60000ක් අසරණ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි...  

by editor
ජූලි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර  – පර්සි කුරුනේරු

අනුරාධපුර දිස්ත්‍රික්කයේ  මේ දිනවල පවතින වියලි කාලගුණය හා සුළං හේතුවෙන් වැව් වල ජල මට්ටම සීඝ්‍රයෙන්  පහත වැටීම නිසා තවත් සතියකින් පමණ පසු අනුරාධපුර තිසාවැව නුවරවැව හා තුරුවිල යන වැව් තුන සදහා මහවැලි ජලය නොලැබුණොත් අනුරාධපුර නගරය හා තදාසන්න ප්‍රදේශවල පදිංචි ජල පාරිභෝගිකයන් හැට දහසකට පමණ දිනක් හැර දිනක් පානීය ජලය සැපයීමට සිදුවනු ඇති  බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරී (උතුරුමැද)   පද්මා ගුණවර්ධන  පැවසුවාය.

මේ අනුව අනුරාධපුර පූජා නගරය හා නව නගරය, නාච්චාදූව මිහින්තලේ, තලාව, ශ්‍රාවස්තිපුර හා රඹෑව ඇතුළු ප්‍රදේශ ගණනාවක ජල පාරිභෝගිකයන්ට දිනක් හැර දිනක් ජලය සැපයීමට සිදුවනු ඇතැයි ඇය පවසන්නීය.

එනිසා ඉදිරි මාස් මෝසම් වැසි ලැබෙන තෙක් එම වැව් තුන සඳහා  මහවැලි ජලාශ වලින් ජලය  ලබා දෙන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ඉල්ලීම් කර ඇති බවත් ඇය පැවැසුවාය.

ඒ අනුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  ජල පාලන කමිටුවේ සාකච්ජාවක් හෙට (21) කොළඹදී පැවැත්වීමට  නියමිත බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය කීවාය.

එහිදී එම වැව් වලට ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා ගැනීමේ එකඟතාවයකට එළඹීමට නොහැකිවුවහොත්  තවත් සතියකින් පමණ පසු අනුරාධපුර නගරය හා තදාසන්න ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත කලාපීය මට්ටමින් දිනකට වරක් පානීය අවශ්‍යතා සඳහා   ජලය සැපයීමට සිදුවනු ඇති බවත් ඇය පැවසුවාය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මේ අතර එම වැව් වලට ප්‍රමාණවත් තරම් මහවැලි ජලය හෝ නොලැබුණොත් එම වැව් වලින් පානීය ජලය සපයනු ලබන පාරිභෝගිකයන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට  ඉදිරියේදී උද්ගත විය හැකි තත්ත්වය   පිලිබදව දැනුම්වත් කිරීමට ජල සම්පාදන මණ්ඩලය  තීරණය කොට ඇත.

එබැවින් පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන පානීය ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසට සියලු ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බව පද්මා ගුණවර්ධන  වැඩිදුරටත් පැවැසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොත්තපිටිය පොලිසියේ අධිකරණ යටයුතු භාර සැරයන් අමුතු ගේමක… මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට…

Next Post

එන්නත් විස වීමේ සිද්ධියෙන් පසු රෝහල්වල මිය යන පුද්ගලයින් බහුතරයකගේ මරණ සැක යැයි පැමිණිලි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.