සමගි ජනබලවේගයට එක්වීමෙන් පසු එහි බේරුවල සංවිධායක ධූරයට පත් කොට සිටින හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මේ වන විට ඕස්ට්‍රේලියානු පුරවැසියකු බැවින් ඔහුට පාර්ලිමේන්තු මහ මැතිවරණයකදී තරග වැදිය හැකිද යන්න බොහෝ දෙනකුගේ කතා බහට ලක්ව තිබේ.
මීට වසර කිහිපයකට පෙර සිය පවුලම කැටුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඩිල්ෂාන් මේ වසරේ පෙබරවාරි 24 දින ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබා ඇත.
මේ බව ඕස්ට්‍රේලියානු ඇමතිවරයකු වන ජේසන් වුඩ් විසින් එදින පැවති නව පුරවැසියන් හඳුන්වා දීමේ උළෙලකදී ප්‍රකාශයට පත් කරන ලදී.

තම පවුලටම පුරවැසි භාවය ලබා ගත්තද ඩිල්ෂාන් මීට මාස කිහිපයකට පෙර තම දියණිය ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් කණ්ඩායමකට එක් කර තරග වැදීමේ අවස්ථාව උදා කර ගත්තේය.
එයද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් පටිපාටියට විරුද්ධවය.
තමන්ට පාර්ලිමේන්තුවට යා නොහැකි බව දැන දැනත් ඔහු සජිත් ප්‍රේමදාසවත් අන්දා මෙසේ සජබෙ සාමාජිකත්වය ලබමින් බේරුවල සංවිධායක ධූරය හා ක්‍රිකට් පුහුණුකරු තනතුරක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මීට පෙර ද්විත්ව පුරවැසියකු වූ ඩයනා ගමගේද සජිත් ප්‍රේමදාස අන්දා ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසියද සිවිල් පුරවැසියකු විසින් ගොනු කළ නඩුවකට අනුව ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නට යෙදින.
පහත දිගුවත් බලන්න…







