කීර්ති ප්‍රනාන්දු –
වත්තල බංගලාවත්තේ ගබඩාවක සඟවා තිබූ සීනි කිලෝ ලක්ෂ එකසිය තිහක් පාරිභෝගික සේවා අධිකාරියට පවරාගෙන එම සීනි තොගය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට යටතට පත්කිරීමෙන් පසු දිවයින පුරා සතොස හරහා පාරාභෝගිකයින් වෙත බෙදා හැරීමට කටයුතු කරන බව රජය පවසයි.
සිදුවන්නේ සීනි තොග රජයට පවරා ගැනීමක් නොවන බවත්, සතොස හරහා මෙම සීනි තොගය අලෙවි කිරීමෙන් පසු තොගවලට අදාල ගෙවීම් එම ව්‍යාපාරිකයන්ට සිදුකිරීමට නියමිතව ඇති බවත් පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොවී සීනි තොග රැස් කළ ග්ලෝබල් ට්‍රේඩින් ලංකා නැමැති ආයතනයකට අයත් මෙම ගබඩවා එම අධිකාරිය මගින් ඉකුත් දා මුද්‍රා තැබුවේය.
සඟවා තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා වෙත භාර දුන් මුල්ම සීනි තොගය මෙයය.
මෙම සීනි තොගය බාරදීමේ අවස්ථාවට භාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, සහ පොලිසිය එක්ව සිටියේය.