පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යය වෛද්‍ය දිලාන් විසින් මතුපිට විෂබීජ විනාශ කිරිම සදහා නැනෝ තාක්ෂණය සහිත විෂබීජ නාශක දියරයක් නිෂ්පාදනය කර තිබේ.
“නැන්ඩොක්ස් ” නමින් නම් කොට ඇති මෙම දියරය මුදල් පසුම්බිය ජංගම දුරකතනය පාසල් බෑග් ඇතුළු සියළුම බෑග් මේස පුටු ඇතුළු ඕනෑම පෘෂ්ඨයක් මත යෙදිය හැකිය.
වරක් පිසදැමූ විට දින අනූවක කාලයක් උපරිම ආරක්ෂාව ලැබෙන බවත් සියුම් කාර්යක්ෂමතාවයකින් යුක්ත බැවින් ඇඳුම් මතද ක්‍රියාකාරි වන බවත් වෛද්‍ය දිලාන් පවසයි.
දැනට ඇති විෂබීජ නාශක දියර යෙදූ අවස්ථාවේ පමණක් විෂබීජ නැසීමේ හැකියාව පැවතියද මෙම දියරය එහි රැඳී තිබෙන බැවින් රෙදි සේදිමේදි පවා ක්‍රියාකාරිත්වය අඩු නොවන බව හෙතම කියා සිටියි.
තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දිලාන් මෙසේ කීය. “ සෑම මතුපිටකම පාහේ ඇති විෂබීජ නැසිය හැකි ගුණය මෙම නැනෝ තාක්ෂණය සහිත විෂබීජනාශක දියරයේ ඇතුළත්ව තිබෙනවා.
කෙටියෙන් කියතොත් මෙම තාක්ෂණය එකතු කර ඇත්තේ පිහිතුඩක ආකාරයෙන්. විෂබීජ තත්පර කිහිපකින් කපා දැමිය හැකිය පරිදි සකසා ඇතුළත් කොට තිබෙනවා. ඒ අනුව සෛල බිත්ති මත හෝ වෙනත් ව්‍යුහයක තැවරෙන විෂබිජයක් විනාශ කර දැමීම පහසුවෙන්ම සිදුවෙනවා.
මෙය ජනතාව අතර ප්‍රචලිත කිරීම ඉතාම වැදගත් . පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යයවරු විදිහට අපට මෙම දියරය සකස් කිරිමට අදාල සියළු දැනුම ලබා දිය හැකියි. මේ වන විට අපේ නිෂ්පාදනය කතානායකවරයා වෙත භාර දී තිබෙනවා..”