fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංස්ථා ලොක්කන්ට ඡන්ද වැඩ බෑ

ජනපතිගෙන් තදබල තීන්දුවක්

වසර 2ක් ago
in පුවත්
433 4
0
Share on FacebookShare on Twitter

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකුත් එළඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයෙහි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකුට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට හෝ වෙනත් නිලධාරියෙකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරත නිරතවීමට අවශ්‍ය නම්, ඒ සඳහා නීත්‍යානුකූල ව සිය තනතුරින් ඉවත්ව එසේ කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් රජය වෙනුවෙන් දේශපාලන කළ යුතු යැයි ජනාධිපතිවරයා කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබේ.

රාජ්‍ය නිලධාරීන් කළ යුත්තේ තමන් බාර ගත් ආයතන කාර්යක්ශම, දූෂණයෙන් තොර ඵලදායි විනයගරුක සහ ලාභ උපයන ආයතන බවට දියුණු කිරීම බවට නිවේදනයේ දැක්වේ.

රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ මහජන මුදලින් බැවින් ඒවා කිසිදු ලෙසකින් මහ ජනතාවට බරක් නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සතු වාහන උපකරණ වැනි භෞතික සම්පත් හෝ මූල්‍ය සම්පත් හෝ එළඹෙන මහ මැතිවරණයේදී කවර පක්ෂයක හෝ දේශපාලනයට භාවිත නොකළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

මේ නියමයන් කඩ කරන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

පටු දේශපාලන අරමුණුවලින් බැහැරව ශක්තිමත් රාජ්‍යයක්, දියුණු ආර්ථිකයක්, සාධාරණ සමාජයක් සහ ජනහිතකාමී දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අධිෂ්ඨාන සහගතව කැපවී සිටින බවත් මේ අරමුණු සපුරා ගැනීම පිණිස රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් ප්‍රමුඛ සේවකයන්ගේ පූර්ණ සහයෝගය ජනාධිපති වරයා අපේක්ෂා කර සිටී.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ලබන සති අන්තයේ රට පුරා ආදර්ශ ඡන්ද

Next Post

මැතිවරණයට අදාල සෞඛ්‍යය නියමන් ගැසට් කරන්න.. මැකෝ ඉල්ලයි

Related Posts

pohottuwa

21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

මැයි 22, 2022

සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…

මැයි 22, 2022

තමිල්නාඩුව මූලිකත්වයෙන් එවූ ඉන්දියානු ජනතාවගේ මුල්ම ආධාර තොගය  ලංකා රජයට භාර දෙයි….

මැයි 22, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…
  • සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…
  • තමිල්නාඩුව මූලිකත්වයෙන් එවූ ඉන්දියානු ජනතාවගේ මුල්ම ආධාර තොගය  ලංකා රජයට භාර දෙයි….
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…
  • ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

ජනප්‍රිය පුවත්

  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    271 shares
    Share 108 Tweet 68
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    285 shares
    Share 114 Tweet 71
  • බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා?

    172 shares
    Share 69 Tweet 43
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

    172 shares
    Share 69 Tweet 43
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

    172 shares
    Share 69 Tweet 43
  • ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන ලංකාවේ ගැහැණිය!

    172 shares
    Share 69 Tweet 43

Highlights

පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්!

ඉන්ධන ප්‍රවාහනයට ආරක්ෂාව අවශ්‍යයි… ටැංකි රථ හිමියෝ පොලිස්පතිට ලියති!

යාපනයේ රියෝ අයිස් ක්‍රීම් වෙළෙඳසලේ ගිනි ගනී…

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

pohottuwa

21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

by editor
මැයි 22, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 21 වැනි සංශෝධනය ගෙන...

සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…

by editor
මැයි 22, 2022
0

රන්ජන් රාමනායක  යනු කිසිවිටක කිසිවෙකුට සිය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist