ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (23) දිනය තුළ අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචි වයස අවරුදු 19, 22 සහ 25 වයස්වල පසුවන්න තරුණයින් තිදෙනෙකි.
ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබා ගෙන අපරාධයට පෙර දින වෙඩික්කරුවාට ලැබීමට සැලැස්වීම සම්බන්ධව ගම්පහ මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි දමිදු ලක්ෂාන් (22) නැමැත්තා ද, අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දීම යටතේ දමිත් අංජන නයනජිත් (25) නැමැත්තා ද අස්ගිරිවල්පොල, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි චමෝද් ගිම්හාන (19) නැමැත්තා ද මෙසේ පොලිස් අත් අඩංගුවට පත් වී ඇත.
ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.







