පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට ලක් කෙරුණු අතර අද දින කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයෙන් බැහැරව යාමට වෛද්‍ය නිර්දේශය ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශණ කොමිසමේ අවසන් සාක්සිකරු ලෙස ඔහු එම කොමිසම හමුවේ ඉදිරි දින කිහිපය තුළ සාක්ෂි ලබා දිමට නියමිත බව ද අරංචි මාර්ග ලංකාසරට පැවසීය.
ව්‍යාජ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශානි අබේසේකර මහතා මහර බන්ධනාාරයේ රඳවා සිටි අතර ඔහුට එහිදී කොවිඩ් 19 වෛරස ආසාදනය ලක් විය.
මුලින් පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට මෙමු කෙරුණු ශානි අබේසේකර මහතා පසුව අයි.ඩීඑච් රෝහල වෙත රැගෙන එනු ලැබූ අතර පසුව රෝගය පවතින හෘද රෝග තත්ත්වය හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරිණි.
පාස්කු ප්‍රහාර කොමිසමේ සාක්සි විභාගය සඳහා අද පැමිණෙන ලෙස ඔහුට දන්වා තිබුණද රෝහල් ගතවීම හේතුවෙන් ඔහුට කොමිසම හමුවට යාමට නොහැති වූ අතර බොහෝ විට ලබන සෙනසුරාදා හෝ ඉරිදා ඔහු මෙම සාක්ෂි ලබා ගැනීමට කැඳවීමට නියමිත බවත් එම කොමිසම හමුවේ සාක්ෂි දෙන අවසන් සාක්ෂිකරු ශානි අබේසේකර මහතා වීමට බොහෝ දේ ඉඩ ඇති බවද මෙම ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.







