පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන්ට පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස දැනුම් දී ඇතත් මන්ත්‍රීවරු 225 දෙනාගෙන් මෙතෙක් පාර්ලිමේන්තුව තුලදී පීසීආර් සිදුකර ඇත්තේ මන්ත්‍රීවරු 34 දෙනෙක් පමණි.
පීසීආර් පරීක්ෂණයට ලක්කර මන්ත්‍රීවරු 34 දෙනාගෙන් 32නෙකුට corona වැළඳී නැති බව තහවුරු වී තිබෙන අතර සෙසු මන්ත්‍රීවරු දෙදෙනාගේ පීසීආර් වාර්තා අද සවස ලැබීමට නියමිතය.
මේ වනවිට දයාසිරි ජයසේකර , වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත යන ඇමැතිවරු සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාට කොරෝනා වැළඳී නිරෝදානයට ලක් කර තිබේ.
මෙම මැතිඇමතිවරුන්‍ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට corona වැළඳීමෙන් පසු සියලු දෙනා පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබුණි.
ඒ අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 95%ක්ම පීසීආර් සිදු කර තිබෙන අතර මන්ත්‍රීවරු 34 දෙනාට අමතරව සෙසු මන්ත්‍රීවරු විශාල පිරිසක් පුද්ගලිකව පීසීආර් පරීක්ෂණ සිදු කරගෙන ඇති බව මේ සම්බන්ධව සිදු කළ විමසුමකදී පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.