ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අලුතින් ජාතික පුහුණුකරුවන් තේරීම මේ දිනවල ජයටම කෙරෙමින් පවතී.
මේ කටයුතු කෙරෙන්නේ ක්‍රිකට් විධායක සභාව මැදිහත් වීමකින් තොරව ටොම් මූඩි, මහේල ජයවර්ධ , අරවින්ද ද සිල්වා ප්රමුඛ තාක්ෂණ කමිටුවේ පිරිසක් මගිනි.
ක්‍රිකට් ආයතනය මගින් පුරප්පාඩු ලෙස ප්‍රසිද්ධියට පත් කළ මෙන්ම නොකළ තනතුරු සඳහාද මෙම කමිටුව මගින් පුහුණුකරුවන් තෝරා ගෙන ඇතැයි ලංකාසරට වාර්තා වේ.
සූම් තාක්ෂණය ඔස්සේ මේ සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ.
ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස පෝල් ෆාබ්‍රේස් තෝරා ගෙන ඇති නමුත් මේ වන විට ඔහු ඒ සඳහා තම අකැමැත්ත ප්‍රකාශ කොට ඇත.
ෆාබ්‍රේස් ගේ සහාය පුහුණුකරු ලෙස නම් කොට තිබෙන නවීඩ් නවාස් මේ අනුව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට බොහෝ විට ඉඩ තිබේ.
නවීඩ් නවාස් ගේ පත් කිරීමට ඔහුගේ පාසලේම ඉගෙනුම ලැබූ හා කලක් සාජාහි පුහුණු ඇකඩමියක් පවත්වාගෙන ගිය අරවින්ද ද සිල්වාගේ පූර්ණ සහාය ලැබී තිබේ.
මේ අතර අවිශ්ක ගුණවර්ධන ” ඒ” කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් ජෙහාන් මුබාරක් 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් සම්පත් පෙරේරා ඔහුගේ සහායක පුහුණුකරු ලෙසත් පත් කිරීමට නියමිතය.
ජෙහාන් මුබාරක් යනු පුහුණුකරුවකු ලෙස අසාර්ථකම ඉතිහාසයක් ඇති අයකු බැවින් මෙම තෝරා ගැනීම පිළිබඳ මේ ගැන දන්නා බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.
තිළිණ කණ්ඩම්බිද මේ සමගම සහාය පුහුණුකරුවකු ලෙස එක් වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මෙම තෝරා ගැනීම්වලදී පුද්ගලික හිතවත්කම් පාසල් සබඳතා තදින්ම බලපා ඇති බවත් දැන ගන්නට ඇත.







