බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවේ හෝටල් නිරෝධායන මාෆියාවට එරෙහිව ලොව පුරා රට විරුවන් පාරට

by editor
මාර්තු 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශගත ශ්‍රි ලාංකිකයින් මෙරටට පැමිණීමේදී බලහත්කාරයෙන් හෝටල් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව සෑම රටකම ශ්‍රි ලංකා තානාපති කාර්යාල ඉදිරියේ විරෝධතා පෙළක් සංවිධානය කිරීමට විදේශගත ශ්‍රි ලාංකික සංවිධාන කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ වනවිටත් ඉතාලියේ සහ මැදපෙරදිග එවැනි විරෝධතා පවත්වා ඇති අතර විදේශගත ශ්‍රි ලාංකිකයන් සිටින සෑම රටකම ශ්‍රි ලංකා තානාපති කාර්යාල ඉදිරිපිට එවැනි විරෝධතා සංවිධානය කිරීමට ඔවුන් පෙළ ගැසෙමින් සිටින බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වයට විශේෂයෙන් හේතු වී ඇත්තේ මෙම විදේශගත ශ්‍රි ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී ඔවුන් හෝටල්වල නිරෝධායනයට යොමු කිරීමෙන් විශාල මුදලක් ගසා කෑමට රජයට හිතවත් ඒජන්තයින් කටයුතු කරන බවට ඔවුන් චෝදනා කිරීමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාවලිය බොහෝ විට ලබන සතියේදී ඉදිරිපත්වීමට නියමිත බැවින් මෙය හ්‍රි ලංකා රජයට බලපෑම් කිරීමට හොඳම අවස්ථාවක් ලෙස ඔවුන් සලකන බවත් මෙම විරෝධතා හමුවේ රජය මෙම පිළිවෙත වෙනස් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ විදෙස්ගත ශ්‍රි ලාංකික පිරිසක් ලංකාසරට පැවසූහ.

පසුගිය 04 වැනිදා ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයය ඉදිරිපිට ශ්‍රි ලාංකිකයන් පිරිසක් එවැනි විරෝධතාවක් සංවිධානය කළ අතර එහිදී ඔවුන් සෘජුවම චෝදනා කළේ රජයට හිතවත් ගජමිතුරු ජාවාරම්කාරයින්ට මෙම හෝටල් නිරෝධායන හරහා තමන් මහන්සියෙන් උපයන මුදල් ගසා කෑමට කටයුතු කරන බවය. බොහෝ රටවල් තම විදේශගත පුද්ගලයන් මව් රටට පැමිණීමේදී සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි නිරීක්ෂණ මත නිවෙස්වල නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇතත් ශ්‍රි ලංකාවේ ඊට අදාළ පහසුකම් තිබියදී පවා එවැනි පියවරක් ගැනීමට උනන්දු නොවීම ගැන ඔවුහු කියති.

මේ වනවිට මෙම හෝටල් නිරෝධායන වැඩපිළිවෙළ රජයට හිතවත් එක් සමාගමක් මඟින් පමණක් මෙහෙයවනු ලැබීම හෙතුවෙන් ඔවුන් නියම කරන මිලකට මෙම හොටල් නිරෝධායනයට ලක් වීමට ශ්‍රි ලාංකිකයන්ට සිදුව ඇත. ඔවුන් ඇතැම් අවස්ථාවල කිසිදු පහසුකකමක් නොමැති නවාතැන්වලට පවා යොමු කරන තත්ත්වයක් පැවති අකර ඒ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචන හේතුවෙන් එවැනි තත්ත්වයකට මුහුණ දීමේ අවස්ථා අඩු වුවද ඔවුන්ගෙන් අයකරනු ලබන මුදල දරා ගැනීම අසීරු බවට ඔවුහු චෝදනා කරති.

සාමාන්‍යයෙන් හොටල් නිරෝධායනය සඳහා පුද්ගලයකු රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් දින 14ක් සඳහා හෝටල්වලට ගෙවිය යුතු වන අතර එක පවුලක් කිහිප දෙනකු පැමිණෙන විට විශාල මුදලක් ඔවුන්ට හෝටල්වලට ගෙවීමට සිදුව ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දින තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04යි… ආසාදිතයන් 338යි..

Next Post

ගෙදර ඉඳන් වැඩ කිරීම සඳුදා සිට අහවරයි – රජයේ සේවකයන් සඳුදා සිට කාර්යාලයේ!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.