සියලු ම රාජ්‍ය සේවකයන්ගේ නිවසේ සිට වැඩ කිරීමේ වැඩපිළිවෙළ ලබන සඳුදා සිට අහෝසි වන බවත් ලබන 08 වැනිදා සිට නිවසේ සිට වැඩ කිරීමේ රාජකාරී කළ සියලුම රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය පරිදි සේවයට පැමිණිය යුතු බවට රාජ්‍ය සේවා , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ (05) චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.
එහිද සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 තවදුරටත් ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් සිදුවන වැඩසටහන් සහ අනෙකුත් සමගාමී රාජ්‍ය සේවාවාන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙසේ සාමාන්‍ය පරිදි සේවයට පැමිණිය යුතු බවය.
මෙලෙස රාජකාරියට පැමිණෙන සේවකයන් සම්බන්ධයෙන් කොවිඩ් 19 වයිරස වසංගතය පැතිරීම වැළක්වීමට අදාළ සියලුම සෞඛ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් අනුගමනය කළ යුතු බවත් මෙම සේවයට පැමිණෙන සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම අදාළ ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් විය යුතු බවටත් එම චක්‍රලේඛය මඟින් තවදුරටත් උපදෙස් දෙනු ලැබ ඇත.