බංගලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් යුතු විස්සයි20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇත.
විශේෂත්වය වන්නේඑම සංචිතයට වසරකින් ශ්‍රි ලංකා සංචිතයට නම් නොකළ හිටපු ශ්‍රි ලංකා එක්දින සහ විස්සයි 20 නායක දසුන් ශානක මෙන්ම වසර දෙකකින් සංචිතයට නම් නොකළ හිටපු තුන් ඉරියවු ක්‍රිඩක චාමික කරුණාරත්න නම් කර තිබීමය.
ජූලි 10 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගාවලියේ පළමු තරගය ආරම්භ වේ. ජූලි 13 වන දින දෙවැනි තරග දඹුල්ලජත්යාන්තර ක්‍රීඩාංගනයේදීත් , ජූලි 16 වන දින අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ ඒෂාන් මාලිංග








