ජාතික විධායක සභාවට තමන් දන්නා පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
සර්වපාක්ෂික යෝජනාව මෙන්ම ජාතික විධායක සභාවක් පිළිබඳ යෝජනාවද ගෙන ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් එහෙම යෝජනාවක් ගෙනවිත් මග හැරීමට පුළුවන්කමක් නොමැති බවත් ඔහු කීය.
මහනුවරදී ) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද අමරවීර මේ බව ප්‍රකාශ කළේය.
සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු නොවී පිටත සිට විවේචනය කිරීම අනුමත කළ නොහැකි බවත් පිටත සිට සහය දෙන බව කියූ අය දැන් කරන්නේ ආණ්ඩුවට කඩාවැට්ටවීම සඳහා කුමන්ත්‍රණය කරන බවත් යැයි කී මහින්ද අමරවීර වැඩකරනවාට වඩා විවේචනය කිරීම පහසු බවද අවධාරණය කළේය.