අද (26) දින දහවල් කාලයේ තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීමට පැමිණි ව්‍යාපාරිකයෙකුගේ රුපියල් ලක්ෂ 223ක් මුදලක් ආයුද සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙක් විසින් කොල්ල කා පලා යෑමට සූදානම් වෙද්දී ඔවුන්ව මෙල්ලකර අත් අඩංගුව ගැනීමට පොලිස් නිලධාරියෙක් සමත් වී තිබේ.
මෙම නිර්භීත හුදකලා මෙහෙයුම සිදුකර ඇත්තේ කොල්ලය අවස්ථාවේ දී එතැනින් ගමන් කිරීමට පැමිණි තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ සේවය කරන බුද්ධි කුමාර නැමැති පොලිස් සැරයන්වරයෙකි.
ගිනි අවියක් ද සහිත සැකකරුවන් මුදල් කොල්ල කා පලා යෑමට සැරසෙද්දී පොලිස් සැරයන්වරයා මෙම වික්‍රමය සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 48 හ 50 වයස්වල පසුවන තඹුත්තේගම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.
සැකකරුවන් භාරයේ තිබී මෙරට නිශ්පාදිත බෝර 12 ගිනි අවියක්, පතරොම් 01ක්, මන්නා පිහියක්, අත්වැසුම්, ජංගම දුරකථනයක්, සහ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.
මේ වනවිට සැකකරුවන් තඹුත්තේගම පොලිස් ස්ථානයේ රඳවාගෙන ඇත. තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.