බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉතාම විනය ගරුක හමුදාවක්… මෙවැනි තත්ත්ව ඇතිවෙන්නේ කලහකාරී ආක්‍රමණික ධීවරයින් නිසා… ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරයි…

by editor
ජනවාරි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා නාවිකය හමුදාව ඉතාම විනය ගරුක හමුදාවක් බවත්, ශ්‍රී ලංකාව පුරා වෙරළ තීරයේ ආරක්ෂාව සඳහා සහතික වී ඇති මේ විනය ගරුක හමුදාව හා කලහකාරී ලෙස හැසිරුණ ඉන්දීය ධීවරයින් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ඇති වූ සිදුවීම වැනි සිද්ධිවලට හේතුව නීති විරෝධීව ශ්‍රී ලංකා මුහුදු සීමා ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ප්‍රචන්ඩ ලෙස හැසිරෙන ඉන්දීය ධීවරයින් බවත් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා අද මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි. ඊයේ කලහකාරී ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් ඇති කළ ගැටුමක් අතර තුර නාවික හමුදා සෙබලෙකුගේ ගිනි අවිය පත්තු වී ධීවරයින් දෙදෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුව මේ සිද්ධිය පිළිබඳ නිල පැහැදිලි කිරීම සිදුකිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේය.

එහිදී ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද පැවසුවේය.

” ආරක්ෂක ලේකම්වරයා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය ලෙසත් නාවික හමුදාව ලෙසත් ශ්‍රී ලංකාවේ මුහුද ආරක්ෂා කිරීමට අපි රට වෙනුවෙන් බැඳිලා ඉන්නවා. උතුරු ප්‍රදේශයෙ විතරක් නෙමෙයි,  මුළු රටේම මුහුදු තීරය ආවරණය වන පරිදි පරීක්ෂණ මෙහෙයුම් සිදුකරනවා.

“මෙම සිද්ධියට ආදාල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව අනවසරයෙන් අපේ මුහුදු තීරයට පැමිණ තියනවා. උතුරු විධානයේ නාවික හමුදාවේ අණ පරිදි මේ යාත්‍රාව පරීක්ෂණයට භාජනය කරලා තියනවා. ඒ පරීක්ෂණයට අදාලවන විදිහට ඒ ගොල්ල බෝට්ටුව හසුරුවා නෑ, ඒ හින්දා ඒ බෝට්ටුවට ගොඩවන්නට නාවික හමුදාව උත්සාහ කරද්දී යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවෙලා තියනවා. ”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“නාවික හමුදා සොල්දාදුවන් දෙදෙනෙක් පමණයි යාත්‍රාවට ගොඩවෙලා තියෙන්නේ. ඒ අවස්ථාවේ දී ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරලා තියනවා. ඒ ඇති කරලා තියෙන්නේ ඒ අය. මේ පරීක්ෂාවට ඉතාම නීත්‍යානුකූලව කරගෙන යන පරීක්ෂාවක්. ඒක කරන්න ඉඩ නොදීම නිසා තමයි ඒ ගැටුම්කාරී තත්ත්වය වාර්තා වෙන්නේ. අපි අනවසර මසුන් ඇල්ලීමට එහා ගිහින් හැම විටම කල්පනා කරනවා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාම් නීති විරෝධී අවි ජවාරම්, නීති විරෝධී මිනිස් ජාවාරම් මේ මුහුදු තීරය ඔස්සේ සිදුවීම ගැන. ”

“මෑතක දී  අපි ඔය සීමාවන් ඇතුලෙ අනවසරයෙන් පැමිණි යාත්‍රා මගින් ගෙනා මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අරන් තියනවා. ඒ අනුව අපට සිදුවෙනවා ඉන්දීයානු වේවා, ශ්‍රී ලංකා වේවා, වෙනත් රටක වේවා,  අනවසර ඕනෑම යාත්‍රාවක් පරීක්ෂා කරන්න. ඒ සඳහා අපි සෑම විටම බැඳී ඉන්නවා. එම යාත්‍රාවන් පරීක්ෂාව අපේ රාජකාරි වගකීමක්. ”

“නීතිගරුක හමුදාවක් හැටියට අපි අපේ මූලික විධානයන්ට යටත්ව නීතිගරුවක ඒ පරීක්ෂා කරන්නේ. ඒකට අනුගතව මේ පරීක්ෂාවට ඉඩ දෙනවා නම් මේ ගැටුම් ඇති වෙන්නේ නෑ. මෙවැනි ගැටුම් ඇතිවුනේ නෑ මින් පෙර. යාත්‍රාව පරීක්ෂා කීරීමට යෑමේදී මේ තත්ත්වය ඇති වෙලා තියනවා.” ආරක්ෂක ලේකම්වරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධිකරණය විශ්වාසයි – සත්‍ය ජයගන්නවා – ක්‍රිෂ් මගඩිය ගැන නාමල්ගෙන් නිවේදනයක්!

Next Post

පොළොන්නරුව හබරණ මාර්ගයේ බස් රථ දෙකක් මුහුණ මුහුණ ගැටේ… 16ක් රෝහලේ!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.