-
සෞඛ්‍ය ඇමතිවරයා ඔහුව ධූරයට පත් කරන්නේම විරෝධතා නොසලකා… අවසානයේ දී ඔහුට සම්තය නොසලකා කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද නේවාසික වෛද්‍යවරයෙක් ලෙසත් පත් කරනවා…
-
මුළු සෞඛ්‍ය අංශයම විරෝධය පළ කරද්දී එය නොසලකා මේ වෛද්‍යවරයා ආරක්ෂා කරගන්න සෞඛ්‍ය ඇමති කරන උත්සාහය තවදුරටත් පවත්වා ගන්න බැරිවෙන්නේ විරෝධය මෙන්ම ඔහුට එරෙහි අප්‍රසාදයත් වැඩි වෙන නිසා…
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයාට දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වරයා ලෙස ස්ථානමාරු ලැබී ඇති බැවින් සභාපති තනතුරෙෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
මොහු ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය ඇමතිවරයා විසින් පත් කර තිබියදී කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥවරයෙකු ලෙස සේවය කිරිමටද සෞඛ්‍ය ඇමතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබුණි.
එම පත්වීම ලබා දීමට හේතු වී තිබුණේ ඔහුට ප්‍රසව හා නාරිවේද විශේඥවරයෙකු ලෙස පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට යැයිද චෝදනා එල්ල වි තිබිණි. මෙම පත්කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව විරෝධය පල කළේය.
ඒ දඹුල්ල රෝහලට නෛතිකව ස්ථානමාරු ලැබිය යුතු මෙම පුද්ගලයා ඇමතිවරයා මැදිහත්වී කාසල් වීදියේ කාන්තා රෝහලට අනීතිකව පත්කිරිමය. මොන විරෝධතා පැමිණිය ද ඔහු ඒ අවස්ථාවේ දී ඒ පිළිබඳ කිසිම තැකීමක් කළේ නැත. සෞඛ්‍ය ඇමතිවරයා මේ ආකාරයෙන් කටයුතු කිරීම බරපතල වරදක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි කථා බහට ලක්විය.
කෙසේ නමුත් මේ වන විට ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයාට නීත්‍යානුකූලව ස්ථානමාරුව ක්‍රියාත්මක කර තිබේ. එවැනි පසුබිමක ඔහු සභාපති තනතුරෙන් ඉවත් කර වෙනත් පුද්ගලයෙකු එම තනතුරට පත්කිරිමට සෞඛ්‍ය ඇමතිවරයා මේ වන විට ක්‍රියා කරමින් සිටින බවද වාර්තාවේ.
සභාපතිවරයා එම ධූරයෙන් ඉවත්කිරීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවය සහ නොසලකා හැරීම් හේතුවෙන් මාස කීපයක් තුළ ජයවර්ධනපුර රෝහලේ සිදුවූ ආපහු හැරවීමටත් අපහසු බිඳවැටීම බව ද රෝහලේ අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසුවේය.
සභාපති තනතුර සඳහා මේ වන විටත් නම් කීපයක්ම යෝජනා වී ඇති බවත් ඒ පිලිබඳව ඇමතිවරයා අධ්‍යනයක යෙදෙමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.







